ධනුෂ්කට ක්‍රීඩාවට සම්බන්ධ සියලුම දේවල්වලට සම්බන්ධ වීම තහනම්

අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියලුම දේවල්වලට සම්බන්ධ වීම තහනම් කරන ලෙස නීතිපතිවරයා උපදෙස් දී තිබේ.

පසුගිය වසර අග පැවැති (2022) ඕස්ට්‍රේලියාවේදී විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වී සිටියදී කාන්තාවකට අතවර කළේ යැයි සිද්ධිය සම්භන්ධයෙන් එසේ අත්අඩංගුවට පත් වූ ධනුෂ්ක ගුණතිලකට මේ වනවිට ඇප ලැබී තිබුණත්, දැන සීමා කොන්දේසි ඇතිව ඕස්ට්‍රේලියාවේ රැදී සිටින ඔහුට එම උපදෙසත් අනුව ක්‍රීඩාවට සම්බන්ධ කිසිඳු දෙයකට සම්බන්ධ විය නොහැකි ලෙස ක්‍රීඩා අමාත්‍යංශය තහනමක් පනවන බවත් ඔහු සම්බන්ධ නඩු කටයුත්ත අවසන් වන තෙක් එම තහනම ක්‍රියාත්මක වන බවත් ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.

ධනුෂ්ක සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද මේ වන විටත් තාවකාලික තහනමක්ද පසුගිය දා පනවනු ලැබීය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉදිරි පැය 36 සඳහා වන නවතම කාලගුණ නිවේදනය!

කොළඹ LNW:ඉදිරි පැය 36 සඳහා වන නවතම කාලගුණ නිවේදනය...

(VIDEO) ගල්ගමුවේ කාවන්තිස්ස ඇතා: වැසි මැද සිදුකෙරෙන අභියෝගාත්මක ජීවිත බේරාගැනීමේ සටන

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : https://youtu.be/Twacw6y1y4k ගල්ගමුවේ මහා වනාන්තර...

අපිට තුනෙන් දෙකට ඇබ්බැහි වීමේ කිසිම අවශ්‍යතාවක් නැහැ. අපි යන්නේ ජනවරමේ සාරයට අනුව – ඇමති බිමල්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආණ්ඩුවට තුනෙන් දෙකට ඇබ්බැහි වීමේ කිසිදු අවශ්‍යතාවක්...

සරණ ගුණවර්ධනගේ බිරිඳ අල්ලස් චෝදනාවකට අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : හිටපු නියෝජ්‍ය අමාත්‍ය...