ලෝකයේ ලොකුම කෝටිපතියාගේ ජෙට් යානය ට්‍රැක් කළ 19 හැවිරිදි කොලුවාගේ කතාව සහ සිරිසේනට තරම් මොළයක්වත් එලන් මස්ක් ට නැති හැටි

ටෙස්ලා සහ SpaceX සමාගම් අධිපති එලන් මස්ක්, ඔහුට ඩොලර් 5,000 ක් දී ඔහුගේ කට වැසීමට උත්සාහ කළේය. නමුත් 19 හැවිරිදි කොලුවා සැලුණේ නැත.

19 හැවිරිදි ජැක් ස්වීනිගේ ට්විටර් ගිණුම, ලෝකයේ ලොකුම බිලියනපතියාගේ ජෙට් යානය යන එන තැන් ගැන නිරන්තරයෙන්ම ඇස ගසාගෙන සිටියේය. එනම් ඔහුගේ ට්විටර් ගිණුම වැඩ කළේ flight tracker එකක් වශයෙනි.

පසුගිය වසරේ එලන් මස්ක් හට “security risk” එකක් පිළිබඳ අනතුරු අඟවමින් පණිවුඩයක් ලැබුණේය. ජැක් ස්වීනි ඒ වෙනුවෙන් ඉල්ලා තිබුණේ Model 3 ටෙස්ලා කාරයකි. ලෝකයේ ලොකුම කෝටිපතියා අවුරුදු 19 ක කොල්ලෙක් ඉදිරියේ ඇඹරෙන්නට කැමති වුණේ නැත. ඔහු එ් වෙනුවට ‘ඩොලර් පන්දාහක් දෙන්නම්’ යැයි කීවේය. නමුත් එවිට ජැක් ස්වීනි කියා තිබුණේ මෙයයි.

තමන් එලන් මස්ක්ගේ කල් ක්‍රියාව ගැන සෙවීම නිසා ලබන ආත්ම තෘප්තිය ඩොලර් 5000 ට වඩා බොහොම වැඩි යැයි ඔහු කීවේය.

තවද ඩොලර් 5000 වෙනුවට ඩොලර් 50,000 ක් ඉල්ලා සිටියේය. ඔහු එම මුදල් ඉල්ලා සිටියේ සිය පාසල් ගාස්තු ආවරණය කර ගැනීම සඳහා ය.

පහත දැක්වෙන්නේ ජැක් ස්වීනි, එලන් මස්ක්ටත් පෙරම, ඔහු මීළඟට කරන්නට යන දේ ගැන දැන සිටි ආකාරය සහ සිය ට්විටර් ගිණුම හරහා එය පළ කර තිබූ ආකාරයයි.

ජැක් ස්වීනි විසින් එලන් මස්ක්ගේ ජෙට් යානය ට්‍රැක් කිරීම සඳහා සාදාගෙන තිබූ ට්විටර් ගිණුමේ නම @ElonJet ය. එය 2020 ජූනි මස නිර්මාණය කර තිබේ. “Anything space, Tesla or aviation.” යනුවෙන් එහි හැඳින්වීමේ දැක්වේ. මේ අතර එලන් මස්ක් විසින් Elon Musk’s Jet යනුවෙන් ඔහුගේ ජෙට් යානය වෙනුවෙන් වෙනම ගිණුමක් සාදාගෙන තිබිණි. අවසානයේ එලන් මස්ක්ගේ ජෙට් යානයේ නිල ට්විටර් ගිණුම විසින් ජෙට් යානයේ ගමන් පථ ට්‍රැක්කිරීමට පෙරම @ElonJet විසින් ට්‍රැක් කර තිබෙන බව පෙනෙන්නට තිබේ.

එලන් මස්ක්ගේ ට්වීට්ස් හෙවත් ට්විටර් සටහන් ලොව පුරා අනුගාමිකයන් මිලියන 71 ක් විසින් ලුහුබඳිනු ලැබේ. තවද ඔහු පිළිබඳ නවතම පුවත් ශීර්ෂපාඨ මැවෙන්නේ ද ඔහුගේ ට්විටර් ගිණුම ආශ්‍රිතව ය.

දැන් මේ වන විට, එලන් මස්ක්ගේ ඩොලරයක්වත් නොවටිනා කුම්මැහි කම අවම වශයෙන් මිලියන 71 ක්වත් දනියි.

ජනාධිපති වෙබ් අඩවිය හැක් කළ කොලුවා කැඳවා මුලින් පරිවාසයට යවා පසුව ජනපති මන්දිරයට කැඳවා තෑගි දුන් ජනපතිවරයා සිටියේ ලංකාවේ ය. නමුත් දැන් පෙනෙන හැටියට ලෝකයේ ලොකුම කෝටිපතියාට මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනපතිවරයාට තිබූ මොළයවත් නැත!

අමාලි ජයවීර – අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...