එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙරට ආයෝජනයට එකඟතාව පල කරයි!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ (LNW):

එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙරට වරාය හා ගුවන්⁣සේවා සඳහා ආයෝජනයට එකඟතාව පල කර ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග,වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය බිමල් රත්නායක සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති ඛලීඩ් අල් අමේරි යන මහත්වරුන් අතර පැවැති වි⁣ශේෂ හමුවකදී ඒ බව අනාවරණවී ඇති බව, එම අමාත්‍යාංශය සඳහන් කළේය.එහිදී , ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපතිවරයා ගුවන් පර්යන්තයක් සඳහා ආයෝජනයට ද, එකඟතාව පළ කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ මාසයේ මැද භාගයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පැවසුවේය.

අමාත්‍යාංශය නිවේදනය කළේ , එම සංචාරය පිළිබඳවත් තානාපතිවරයා අමාත්‍ය බිමල් රත්නායක මහතා සමග සාකච්ඡා කළ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා පිතිකාරිනියන් ඉන්දියාවට කඩුලු අටකින් දිනන්නට මාවත සකස් කර දෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 22, කොළඹ LNW: ශ්‍රි ලංකාවේ විස්සයි විස්ස...

Emily in Paris නවතම කතා මාලාවෙහි එක් තැනක, ශ්‍රී ලංකාව ගැනත් කතා බහක්!

සටහන – පුලී දෙසැම්බර් 22, කොළඹ (LNW):  Emily in Paris යනු නෙට්ෆ්ලික්ස් සඳහා...