Sunday, March 26, 2023
spot_img

Latest Posts

මේ නොනිමෙන දිවි ගමනේ – තිස්ස ඩයස් සමුගනී !

ප්‍රවීණ ගී පද රචයකයකු, මාධ්‍යවේදියෙකු සහ චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වූ තිස්ස ඩයස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් තිස්සේ රෝගාතුරව සිටි ඒ මහතා මියයන විට 64 වැනි වියෙහි පසුවිය.

එච්. ආර්. ජෝතිපාල මහතා විසින් ගායනා කරන ලද අතිශයින්ම ජනප්‍රිය “මේ නොනිමෙන දිවි ගමනේ”, “පුංචි දෝණි තරහා වෙලා”, “පතනා දේ සුන් වේ නම්” යනාදී ගීත රැසක පද රචනය ඔහු විසින් සිදුකර ඇත.

ඒ මහතාගේ දේහය අතුරුගිරිය, වල්ගම පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අනිද්දා (05) දිනයේදී පන්නිපිටිය ක්‍රිස්තුරාජ දේවස්ථාන සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත ය.

~ රුවන් නෙළුගොල්ල

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.