ශ්‍රී ලංකාවේ මිලියන 7 ක ජනතාවකට තවමත් මානුෂීය සහාය අවශ්‍යයි – යුනිසෙෆ්

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ නවතම වාර්තාව පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් තවමත් මිලියන 7 ක ජනතාවකට මානුෂීය සහාය අවශ්‍ය බවයි.

ඖෂධ හිඟය, ආහාර අනාරක්ෂිතභාවය, ඉන්ධන ප්‍රමාණවත් පරිදි නොමැති වීම සහ දීර්ඝ විදුලි කප්පාදු හේතුවෙන් ළමුන් සඳහා අත්‍යාවශ්‍ය සේවා වන සෞඛ්‍ය, අධ්‍යාපන සහ පෝෂණ සේවාවලට බලපෑම් එල්ල වී ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.2022 වසරේ ශ්‍රී ලංකාවේ ළමුන් 56000 ක් උග්‍ර පෝෂණ ඌනතා වලින් පෙළෙන බවට ඇස්තමේන්තු කළ බවත් ළමුන් 18420 ක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බවට ඇස්තමේන්තු කළ බවත් ඔවුන් පෙන්වා දෙයි.

එම වාර්තාව වැඩිදුරටත් පැහැදිලි කරන්නේ , ඖෂධ හිඟය, ප්‍රමාණවත් පරිදි ඉන්ධන නොමැති වීම සහ විදුලි කප්පාදුව, රෝහල් වල සායන ප්‍රතිකාර සහ ශල්‍යකර්ම වලට බලපෑමක් එල්ල කර ඇති බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට!

කොළඹ LNW:මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න...

ජේ.ආර් පවා වරද්ද ගත්ත තැන – දැලි පිහියෙන් කිරි කන්න වුණොත්?

කොළඹ LNW:නීතිය,යුක්තිය සහ දේශපාලනය යනු කිසිලෙසකින්වත් විච්ජේදනය කළ හැකි...

සලේ 28 තෙක් රෝහලේ: වෛද්‍ය මණ්ඩලයේ නිර්දේශක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : හිටපු රාජ්‍ය බුද්ධි...

ඇත්තටම ශ්‍රී ලංකාව බිඳ වැටුණේ කෙසේද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව සැබවින්ම...