ශ්‍රී ලංකාවේ මිලියන 7 ක ජනතාවකට තවමත් මානුෂීය සහාය අවශ්‍යයි – යුනිසෙෆ්

Date:

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ නවතම වාර්තාව පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් තවමත් මිලියන 7 ක ජනතාවකට මානුෂීය සහාය අවශ්‍ය බවයි.

ඖෂධ හිඟය, ආහාර අනාරක්ෂිතභාවය, ඉන්ධන ප්‍රමාණවත් පරිදි නොමැති වීම සහ දීර්ඝ විදුලි කප්පාදු හේතුවෙන් ළමුන් සඳහා අත්‍යාවශ්‍ය සේවා වන සෞඛ්‍ය, අධ්‍යාපන සහ පෝෂණ සේවාවලට බලපෑම් එල්ල වී ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.2022 වසරේ ශ්‍රී ලංකාවේ ළමුන් 56000 ක් උග්‍ර පෝෂණ ඌනතා වලින් පෙළෙන බවට ඇස්තමේන්තු කළ බවත් ළමුන් 18420 ක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බවට ඇස්තමේන්තු කළ බවත් ඔවුන් පෙන්වා දෙයි.

එම වාර්තාව වැඩිදුරටත් පැහැදිලි කරන්නේ , ඖෂධ හිඟය, ප්‍රමාණවත් පරිදි ඉන්ධන නොමැති වීම සහ විදුලි කප්පාදුව, රෝහල් වල සායන ප්‍රතිකාර සහ ශල්‍යකර්ම වලට බලපෑමක් එල්ල කර ඇති බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දරුණු රිය අනතුරක් : 31කට තුවාල.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : මාතර - බෙලිඅත්ත...

අධිවේගයේ පෙරළියක්: ආදායම රු. මිලි. 61ක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඊයේ (24)...

ගම්පහ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ගම්පහ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව...

මාලිමාව හික්කඩුවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගර සභාවේ 2026...