‘බදු බර,බඩු මිල පහත හෙළනු’ – නිදහස දා අන්තරේ පාරට (VIDEO)

ජීවන වියදම පහළ දැමීම,බදු බර අඩු කිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම යන කරුණු මුල්කරගෙන අද අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ මැදිහත්වීමෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

නිදහස උත්කර්ෂවත් ලෙස සැමරුවද ජනතාවට ජීවත් වීමේ නිදහස අහිමි කර තිබෙන බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

මෙම උද්ඝෝෂණයට වෘත්තීය සමිති,සිවිල් කණ්ඩායම් මෙන්ම දේශපාලන කණ්ඩායම් නියෝජනය කරමින් පිරිස සහභාගී වී සිටියහ.

මේ අතර පොලීසිය සිදුකළ ඉල්ලීමකට අනුව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂුබල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් වෙතඅධිකරණ නියෝගය නිකුත් කර ඇත්තේ මහජන පීඩාවක් ඇතිවන ආකාරයෙන් මාර්ග අවහිර වන ලෙස උද්ඝෝෂණ හා පෙළපාලි පැවැත්වීම තහනම් කරමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ කොටස් වෙළඳපොලේ ASPI යළිත් ඒකක 20,000 ඉක්මවා ඉදිරියට

සටහන - රුවන් නෙළුගොල්ල පසුගිය දිනවල යම් පසුබෑමක් පෙන්නුම් කරමින්...

මාලිමාවට බලය හිමි පඬුවස්නුවර අයවැය පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ 2027...

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...

‘හරක් කටා’ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධිකරණ නියෝගයක් ඉල්ලයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...