නීති විරෝධී බීඩි කොළ කිලෝ 2000කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 04 කොළඹ (LNW):මෙරටට ගෙන්වන ලද නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් බීඩි කොළ ප්‍රවාහණය කරමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

වැටලීම සිදු කර තිබෙන්නේ, පමුණුගම පොලිස් වසමේ උස්වැටකෙයියාව, දූන්ගල්පිටිය මාර්ගයේ දී බව පොලිසිය කියයි.

එහි දී නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද බීඩි කොළ කිලෝ ග්‍රෑම් 2,058 ග්‍රෑම් 300 ක් බලපත්‍ර රහිතව ලොරි රථයක් මගින් ප්‍රවාහනය කරමින් සිටි මීගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කඩවත පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩීසල් සහනාධාරයක් ගැන රජයේ අවධානය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : මෙම මස...

පොළොන්නරුව රෝහලේ පිපිරිම ගැන හොයන්න විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක්!

කොළඹ LNW:පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ...

පේරාදෙණිය විශ්වවිද්‍යාලය වඩාත් පරිසර හිතකාමී විශ්වවිද්‍යාල අතර 200 වැනි ස්ථානයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : ලොව වඩාත්ම පරිසර...