මිල ඉහළ ගිය ලුණු!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ (LNW):

හම්බන්තොට ලංකා ලුණු සමාගම ලුණු මිල ඉහළ දැමීමට තීරණය කර ඇති අතර, ආනයනික ලුණු සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදුවීම හේතුවෙන් මෙලෙස මිල ඉහළ නංවා ඇති බව සඳහන්ය.

මෙහිදී ග්‍රෑම් 400 ලුණු කුඩු පැකට්ටුවක් රුපියල් 100 සිට රුපියල් 120 දක්වා රුපියල් 20 කින්ද ලුණු කැට කිලෝවක පැකට්ටුවක මිල රුපියල් 120 සිට රුපියල් 180 දක්වා රුපියල් 60කින්ද මිල ඉහළ නංවා ඇත. මෙම මිල වැඩි කිරීම තාවකාලික තීරණයක් බව හම්බන්තොට ලුණු සමාගම සඳහන් කළ අතර, පසුගිය වසරේ අවසන් කාර්තුවේ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙරට ලුණු නිෂ්පාදනය පහත වැටුණු බවද සඳහන් කළේය.

මෙරට වාර්ෂික ලුණු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ටොන් ලක්ෂ 02ක් වන බවද වාර්තා වේ, ලුණු ආනයනය කිරීමට රජය තීරණය කළ අතර ඒ අනුව ඉන්දියාවෙන් ලුණු මෙට්‍රික් ටොන් 12,000 ක් ආනයනය කර ඇත.

එහෙත් මෙම ආනයනය තාවකාලික බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව සඳහන් කළ අතර, එළඹෙන මාර්තු මාසය වන විට හම්බන්තොට ලේවායේ ලුණු නිෂ්පාදනය සිදු කෙරෙන බැවින් ගැටලුවකින් තොරව දේශීය ලුණු සැපයීමට හැකි වනු ඇත. එහි සභාපතිවරයා පැවසූවේ, මාර්තු මාසයේදී හම්බන්තොට ලුණු ලේවායේ ලුණු අස්වැන්න ලැබුණු වහාම ලුණු මිල අඩු කරන බවයි.

හම්බන්තොට ලේවාය මගින් මෙරට ලුණු අවශ්‍යතාවයෙන් සියයට 50ක ප්‍රමාණයක් නිෂ්පාදනය කරනු ලබන අතර, පරන්තන් සහ පුත්තලම ලේවායන් මගින්ද මෙරට ලුණු අවශ්‍යතාව සම්පූරණ කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...