“ටින්ටින්” සහ “ස්මර්ෆ්ස්” බෙල්ජියම් පාර්ස්පෝර්ට් එකට!

Date:

බෙල්ජියමේ රජය “ටින්ටින්” සහ “ස්මර්ෆ්ස්” ඇතුළු රටේ වඩාත් ප්‍රසිද්ධ විකට පොත් ඇසුරින් නිර්මිත කාර්ටුන් චරිත කිහිපයකින් විචිත්‍රවත්ව සරසා නව විදේශ ගමන් බලපත්‍ර එළිදක්වා තිබේ.

පෙබරවාරි 7 වැනිදා සිට, බෙල්ජියමේ යාවත්කාලීන කරන ලද විදේශ ගමන් බලපත්‍රයේ පිටුවල ඇති ගොතික් සහ බැරොක් ගොඩනැගිලි වලට වඩා වෙනස් වූ බොහෝ දෙනෙක් හොඳින් දන්නා කාටූන් චරිත කිහිපයකින්ම අංකාර වීමට නියිමිතය.

ජනප්‍රිය කාටුන් නිර්මාණයක් ලෙස ලොව පුරා සංචාරය කළ නිර්භීත කාටූන් මාධ්‍යවේදියෙකු වන Tintin මේ අතර කැපී පෙනේ.

ටින්ටින්, කාටුන් කතාන්දර තුල අතිශය ජනප්‍රිය ඔහුගේ සුප්‍රසිද්ධ සඳට රොකට්ටුව (“Explorers on the Moon”) සහ ඔහුගේ මිත්‍ර කැප්ටන් හැඩොක්ගේ මවුලින්සාට් මන්දිරය මෙහිදි වර්නවත් වී තිබේ.

පිටු 34 කින් යුත් සම්මත බෙල්ජියම් ගමන් බලපත්‍රයක නිල් ස්මර්ෆ්ස්, කව්බෝයි, ලකී ලූක්, බ්ලේක් සහ මෝර්ටිමර් සහ බොබ් සහ බොබෙට් වැනි කාටුන් චරිතද ඇතුළත් වන බව වාර්තා වේ.

එමෙන්ම එරට ආරක්ෂක බලධාරීන් පවසන්නේ බාර්කෝඩ්, ලේසර් කැටයම් කළ ඡායාරූප සහ පොලිකාබනේට් ID පිටුව වැනි නව ආරක්ෂක විශේෂාංග 48 කින් ද ආරක්ෂාව වැඩි දියුණු කරලූ මෙම නව විදෙස් ගමන් බලපත්‍රය සමන්විත වන බවයි.

ටින්ටින් යනු 1929 දී ජෝර්ජස් රෙමි විසින් හර්ගේ යන පෙන් නාමයෙන් හඳුන්වා දුන් පසු පළමු විශාලතම ජනප්‍රිය කාටුන් පෙලයි.

1958 දී Pierre Culliford නම් කලාකරුවා හතු ගම්මානයක ජීවත් වන කුඩා නිල් මිනිසුන්ගේ කණ්ඩායමක් වන Smurfs හඳුන්වා දුන්නේය.

සහන් හේවාගමගේ – අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 දණ්ඩ මුක්තිය නසා,යුක්තිය දිනන වසර කරගමු – ප්‍රගීත් එක්නැළිගොඩට යුක්තිය පතා මෝදර කාලි කෝවිලේ අධිෂ්ඨාන පූජාවක්! (PHOTOS)

කොළඹ LNW: මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ බලහත්කාරයෙන් අතුරුදහන්කර වසර 16ක්...

අමෙරිකාවේ දරුණු ශීත කුණාටුව අභියස ගුවන් ගමන් අවලංගුවීම්  8,000 ඉක්මවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 24 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

දශක තුනක නිහඬතාවය බිඳදමා ළමා අපයෝජන නඩු පිළිබඳ සැඟවුණු සත්‍යය එළියට!

දශක තුනක නිහඬතාවය බිඳදමා ළමා අපයෝජන නඩු පිළිබඳ සැඟවුණු සත්‍යය එළියට!

රොගීන් අතහැර එන්න. දේශපාලන පිටියේදී විසදගමු – සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති වර්ජකයන්ට කියයි.

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:''දේශපාලඥයන් වශයෙන් අපි කරන්නේ...