කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල අඛණ්ඩව පහළ යාමක්

අද (07) කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් වාර්තා වූයේ අඛණ්ඩව දෙවන දිනයටය.

දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 124.28 කින් පහළ ගොස් ඒකක 8,975.86 ක් ලෙසින් දැක්වුණු අතර S&P SL20 දර්ශකය ඒකක 51.43 කින් පහළ ගොස් ඒකක 2,785.19 ක් ලෙසින් වාර්තා වුණි.

සියලු කොටස් මිල දර්ශකයේ කඩා වැටීමට හේතුවී තිබුණේ සම්පත් බැංකුව, LOLC හෝල්ඩිංග්ස්, එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස්, මෙල්ස්ටාකෝප් සහ වැලිබල් වන් ඇතුළු සමාගම් 126 ක කොටස් මිල ගණන් අද දිනයේ දී පහළ යාමයි.

රු. බිලියන 2.22 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා වූ අතර මෙහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 1.2 ක් හා දේශීය විකිණුම් රු. බිලියන 1.87 ක් ලෙසින් සටහන් වූ අතර විදෙස් ආයෝජකයින්ගේ දායකත්වය නැවත වරක් යහපත් ප්‍රවණතාවක් පෙන්නුම් කරමින් රු. බිලියන 1.02 ක විදේශීය මිල දී ගැනීම් අද දින වාර්ත වී තිබුණි. විදේශීය විකිණුම් සටහන්ව තිබුණේ රු. මිලියන 342.50 ක් ලෙසිනි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සමාජ මාධ්‍ය වෙත මුදාහැරෙන දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ සම්බන්ධයෙන් සැළකිළිමත් වන්න”

Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා මුදල් ඉපයීමේ මූල්‍ය ප්‍රතිපත්තිය...

බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය !

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : බේස්ලයින් මාර්ගය දීර්ඝ...

පොහොට්ටුවේ පාලක ලේකම් රේණුක පෙරේරා ඇප මත නිදහස්

අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර...

2 සහ 6 ශ්‍රේණි සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් කැබිනට් අනුමැතිය!

කොළඹ LNW:අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කරන ලද ජාතික විෂය...