හෙලිකොප්ටර් අනතුරකින් චිලී රාජ්‍යයේ හිටපු ජනාධිපති ජීවිතක්ෂයට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 07 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හෙලිකොප්ටර් අනතුරකින් චිලී රාජ්‍යයේ හිටපු ජනාධිපති සෙබස්තියන් පිනේරා ජීවිතක්‍ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දකුණු චිලීයේ ග්‍රාමීය නගරයක්වන ලාගෝ රැන්කෝ හී දී හෙලිකොප්ටරය වැවකට කඩා වැටීමෙන් මෙලෙස හිටපු ජනාධිපතිවරයා මිය ගොස් තිබේ.

74 හැවිරිදි පිනේරා සහ තවත් තිදෙනෙකු රැගත් හෙලිකොප්ටරය මෙලෙස අනතුරට ලක්ව තිබුණි.

මෙම අන තුරින් හිටපු ජනාධිපතිවරයා මිය ගිය අතර අනෙක් තිදෙනාව ගලවා ගැනීමේ කණ්ඩායම් විසින් බේරාගැනීමට සමත්ව ඇත.

අභ්‍යන්තර කටයුතු අමාත්‍ය කැරොලිනා ටෝහා පැවසුවේ හිටපු ජනාධිපතිවරයාගේ සිරුර ලාගෝ රැන්කෝ නගරයට ආසන්න වැවේ තිබී සොයා ගත් බවයි.

මේ අතර චිලී ජනාධිපති ගේබ්‍රියෙල් බෝරික් දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.

2010 සහ 2022 අතර අඛණ්ඩව වාර දෙකක් ජනාධිපති ලෙස කටයුතු කළ සෙබස්තියන් පිනේරා ෙවෙනුවෙන් ලබන සිකුරාදා රාජ්‍ය අවමංගල්‍යයක් පැවැත්වේ.

දින 69ක් තිස්සේ ඇටකාමා හි පතලක සිරවී සිටි පතල්කරුවන් 33 දෙනෙක් නිරුපද්‍රිතව මුදාගැනීමත් සමඟ ඔහු එවක ජාත්‍යන්තරයේ අවධානයටත් ලක්වුණි. 

එමෙන්ම පිනේරා සැලකෙන්නේ චිලී හි සිටින ධනවත්ම මිනිසකු ද ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...

ඇමරිකාවේ Seattleහි දී පොලිස් රථයකට බිලි වූ ඉන්දීය ශිෂ්‍යාවගේ පවුලට ඩො.මිලියන 29ක වන්දියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකාවේ සියැටල් (Seattle)...