ගිනිගොඩක තිබුණු රටක්. අද කොහොමද? මේක ආශ්චර්යයක් !(VIDEO)

Date:

කොළඹ LNW:මෙතෙක් ඉතිහාසයේ රට තුළ සිදුකර තිබෙන විශාලතම පෞද්ගලීකරණය වැඩසටහන ”උරුමය” ඔස්සේ ඉඩම් අයිතිය නොමැති ලක්ෂ 20ක ජනතාවට එම අයිතිය ලබා දීම බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

උතුරේ පේදුරුතුඩුවේ සිට දකුණේ දෙවුන්දරතුඩුව දක්වා සෑම පුරවැසියෙකුටම ජාතිය, ආගම, කුලය, පක්ෂය, ප්‍රදේශය, භාෂාව ආදී කිසිඳු වෙනසකින් තොරව, භේදයකින් තොරව, තරාතාරමකින් තොරව මව් පොළවේ තමන්ටම කියා සින්නක්කර අයිතිය ලබාදීම ජනාධිපතිවරයා විසින් ආරම්භ කර තිබෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

කෙසේවෙතත් කුමක් කරන්න ගියද විරෝධයක්, උද්ඝෝෂණයක්, චෝදනාවක් නොමැතිය එය ඉටුකිරීමට හැකිවී නැති අතර මේ ඓතිහාසික කටයුත්තට ද හිනාවෙන, චෝදනා කරන පිරිසක් සිටින බව හෙතෙම කියාසිටියි.

”මම හිතෙන විදියට, මට හැගෙන විදියට එක පැත්තකින් මේක තමයි මේ රටේ කරන දැවැන්තම පෞද්ගලිකකරනය. රජයේ භූමියේ, රජයේ දේපල කිසිඳු කොන්දේසියකින් තොරව සින්නක්කර මහජනතාව වන ඔබ තමන්නාසේලාට මේ අවස්ථාව ලබල දෙනව. මම තරුණ දේශපාලඥයෙක්. අපි අලුත් දේශපාලන පරම්පරාවක් නියෝජනය කරන පිරිසක්. ජනාධිපතිතුමා මේ රට භාර ගද්දි, අපි මේ තනතුරු භාර ගද්දි රට තිබුනෙ ගිනි ගොඩක. එක පැත්තකින් තෙල් පෝලිම්, එක පැත්තකින් පිටි පෝලිම්, අනිත් පැත්තෙන් ගෑස් පෝලිම්. පැය 16 ක විදුලි කප්පාදුවක් නිසා මහා පීඩනයක මේ රටේ ජනයා හිටිය. ඒ අපි තේරුම් ගන්න ඕන. මේ රටේ උද්දමනය 98% යි. නීතියේ ආධිපත්‍ය බිඳවැටිල තිබුන. රාජ්‍ය පරිපාලය බිඳවැටිල තිබුණ. එක පැත්තකින් එහෙම තිබුනු රටේ අතිගරු ජනාධිපතිතුමනි මාස 16 කට පස්සෙ අපි මහා ජනතාව මේ ඓතිහාසික රංගිරි පුදබිමට ගෙනල්ල, ඔප්පු ලබාදීම කෙතරම් වාසනාවක්ද කියල අපි කල්පනා කරනව. මේක ආශ්චර්යයක් විදියටයි අපි දකින්නෙ, කල්පනා කරන්නෙ. මෙතන තියෙන්නෙ එක ප්‍රධාන සාධකයක් පමණයි. ඒ රටට ලැබුනු පරිණත නායකත්වය පමණක් බව අපි මේ වෙලාවෙ ගෞරවයෙන් සිහිපත් කරනව.” යනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ඔහු මෙම අදහස් දක්වා සිටියේ පසුගියදා රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවති ”උරුමය” වැඩසටහන අමතමිනි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...