Sunday, March 26, 2023
spot_img

Latest Posts

ක්ෂේත්‍ර රැසක වෘත්තිකයන් අද (08) විරෝධතා හා සංකේත වැඩවර්ජනවල …

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, වරාය , ඛනිජ තෙල්, විදුලිබල, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තිය සමිතිවල සහභාගිත්වයෙන් අද පස්වරවේ කොළඹ හයිඩ් පිටියේ රැලියක්ද සංවිධාන කර තිබෙන අතර ක්ෂේත්‍ර රැසක වෘත්තිකයින් රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව අද (08) විරෝධතා හා සංකේත වැඩවර්ජනවල නිරත වෙන බව දක්නට ලැබේ.

අද පැය 24ක සංකේත වැඩවර්ජනයක් රජයේ නව බදු ප්‍රතිපත්තිය සහ ඖෂධ හිඟය ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයින පුරා රජයේ රෝහල් රැසක ක්‍රියාත්මක වේ. අද (08) පෙරවරු 8ට ආරම්භ වූ මෙම සංකේත වැඩවර්ජනය හෙට උදෑසන 8ට අවසන්වීමට නියමිත අතර කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල , කාසල් වීදියේ කාන්තා රෝහල සහ මහරගම අපේක්ෂා රෝහලේ මෙම සංකේත වර්ජනය ක්‍රියාත්මක නොවනු ඇත.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.