පන්නිපිටියේ ගින්නක්!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 08 කොළඹ (LNW): පන්නිපිටිය පොල්වත්ත හන්දිය ආසන්නයේ පිහිටි කර්මාන්ත ශාලාවක ඊයේ රාත්‍රී ඇතිවූ ගින්නකින් එම කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබෙන බව පොලිසිය පවසයි.

ඒ, ජපානයෙන් මෙරටට ගෘහභාණ්ඩ ආනයනය කොට බෙදා හරින කර්මාන්ත ශාලාවක් බව පැවසේ.

ගින්න සිදුවන අවස්ථාවේදී එහි ආරක්ෂක නිලධාරියා රැඳී සිට ඇති අතර ගින්නෙන් ඔහුට කිසිදු හානියක් සිදුවී නැති අතර, ගින්න හට ගැනීමත් සමඟ කෝට්ටේ කොළඹ සහ දෙහිවල මහා නගර සභාවට අයත් ගිනි නිවන රථ 6 ක් සේවකයන් විසිදෙනකු සමඟ පැමිණ පැයක් ඇතුළත ගින්න නිවා දමා ඇති බව වාර්තා වේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

පොලීසිය පවසන්නේ, ගින්නෙන් කෝටි ගණනක අලාභයක් සිදුව ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සූර්ය බලශක්ති කර්මාන්තය අවදානමේද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : 2027 විදුලි අර්බුදය...

මැලේසියාව සරණාගතයන් මියන්මාරයට තල්ලු කිරීමේ මානුෂීය ඛේදවාචකය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : භයානක සිවිල් යුද්ධයකින්...

ලෝක වාසස්ථාන දිනයේදී මහජනතාවට නිවාස 5,000ක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : රජයේ ආධාර මත...