පන්නිපිටියේ ගින්නක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 08 කොළඹ (LNW): පන්නිපිටිය පොල්වත්ත හන්දිය ආසන්නයේ පිහිටි කර්මාන්ත ශාලාවක ඊයේ රාත්‍රී ඇතිවූ ගින්නකින් එම කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබෙන බව පොලිසිය පවසයි.

ඒ, ජපානයෙන් මෙරටට ගෘහභාණ්ඩ ආනයනය කොට බෙදා හරින කර්මාන්ත ශාලාවක් බව පැවසේ.

ගින්න සිදුවන අවස්ථාවේදී එහි ආරක්ෂක නිලධාරියා රැඳී සිට ඇති අතර ගින්නෙන් ඔහුට කිසිදු හානියක් සිදුවී නැති අතර, ගින්න හට ගැනීමත් සමඟ කෝට්ටේ කොළඹ සහ දෙහිවල මහා නගර සභාවට අයත් ගිනි නිවන රථ 6 ක් සේවකයන් විසිදෙනකු සමඟ පැමිණ පැයක් ඇතුළත ගින්න නිවා දමා ඇති බව වාර්තා වේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

පොලීසිය පවසන්නේ, ගින්නෙන් කෝටි ගණනක අලාභයක් සිදුව ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දූවිලි වලින් වැසුණු වාහන වලින් කලාවක් තනන ඈයෝ!

සටහන – පුලී ජනවාරි 07, කොළඹ (LNW): බොහෝ අය දූවිලි...

ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධනට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරට උසස් වීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි07, කොළඹ LNW : රාජ්‍ය සේවා කොමිෂන් සභාව...

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...