සටහන – රෂිකා හෙන්නායක
පෙබරවාරි , 09 කොළඹ (LNW): විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කළ මෙහෙයුමකදීයි, තීරුබදු නොගෙවා හොර රහසේ ගෙන්වූ ජංගම දුරකතන සහ උපාංග තොගයක් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන ඇත.
වැල්ලම්පිටිය පොලිස්වසමේ විහාර මාවතේ සිදුකළ මෙම මෙහෙයුමේදී නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වූ ජංගම දුරකතන උපාංග සහ ඔරලෝසු සන්තකයේ තබාගෙන සිටි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
අවුරුදු 31ක් වයසැති අබ්දූල් හමීඩ් නමැති මෙම පුද්ගලයා කොළඹ 12 ප්රදේශයේ පදිංචි අයෙකු වන අතර, වැඩිදුර විමර්ශන සඳහා කොළඹ වරායේ රේගු නිවාරණ කාර්යාලය වෙත භාර දී තිබෙන බව පොලිසිය පවසයි.