CID සහ FCID ප්‍රධානී ඇතුළු ඉහළ පොලිස් මාරුවීම් 4ක්

සටහන – රුවන් නෙළුගොල්ල

තවත් ඉහළම පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට ස්ථාන මාරුවීම් සහ පත්වීම් ලබාදී තිබේ.

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය අනුව 2025.02.12 දින සිට ක්‍රියාත්මක වන පරිදි එම ස්ථාන මාරුවීම් සහ පත්වීම් ලබාදී ඇත.

ඒ අනුව,

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.වී.ඩී.ඒ.ජේ. කරවිට මහතාව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රජා පොලිස් සංචාරක හා ආයෝජන තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ හා මූල්‍ය අපරාධ විමර්ශන ලෙස ස්ථාන මාරුවීම් ලබා දී ඇත.

රාජකාරි ඉටු කිරීම නියෝජ්‍ය පොලිස්පති පී. ලියනගේ මහතාව බස්නාහිර පළාත (රථ වාහන) දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීමේ සිට බස්නාහිර (උතුර) දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරිම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුවීම් ලබා දී තිබේ.

රාජකාරි ඉටු කිරීම නියෝජ්‍ය පොලිස්පති එම්.ඩී.පී. දයාරත්න මහතාව රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීමේ සිට මූල්‍ය අපරාධ විමර්ශන දිසාවේ රාජකාරි ඉටු කිරිම සඳහා මාරුවීම් ලබා දී ඇත.

වැඩබලන පොලිස්පතිවරයා විසින් විශේෂ රාජකාරි පදනම යටතේ 2025.02.12 වන දින සිට නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වයි. සෙනෙවිරත්න මහතාව නියෝජ්‍ය පොලිස්පති කෑගල්ල දිසාවට අමතරව රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා ද පත්කර ඇත.