කොටහේනේ වෙඩි තැබීමක්.තුවාලකරු ජීවිතක්ෂයට!

කොළඹ LNW: කොටහේන, බෙනඩික්ට් මාවතේදී අද (10) දින පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කිරීමනේ පසු ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ජම්පටාවීදිය ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

එම වෙඩිතැබීම සඳහා T-56 වර්ගයේ ගිනිඅවියක් භාවිතා කර ඇති බව පොලීසිය පවසයි.

වෙඩිතැබීම සිදුකළ කණ්ඩායම සොයා මේ වනවිට පොලිස් කණ්ඩායම් 04ක් ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

පසුගිය දින කිහිපය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෙලෙස ඝාතන කිරීම් වාර්තා වූ ආකරයක් දක්නට ලැබුණි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

”නොසැලුණු නොනැමුණු ලසන්ත” එළිදකියි! (PHOTOS)

කොළඹ LNW: රාජපක්ෂ පාලන සමය තුළ ඝාතනයට ලක්වූ ජ්‍යෙෂ්ඨ...

ඩෙංගු මරණ සංඛ්‍යාව 77ක් දක්වා ඉහළට!

කොළඹ LNW:වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු හේතුවෙන් සිදුව...

2026 වසරේ නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය වල වටිනාකම රු. බි. 55ක් !

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : මෙම වසරේ මේ...

ලංකා සතොසෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ 06ක මිල අඩු කිරීමක්!

කොළඹ LNW:ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 06...