නීතිවිරෝධී ලෙස විදුලිය භාවිතයෙන් මසුන් මැරීමේ නිතර වූ ධීවරයන් පිරිසක් අත්අඩංගුවට !

Date:

නීතිවිරෝධී ආකාරයෙන් මසුන් මැරීමේ නිරතව සිටි ධීවරයන් පිරිසක් අද අළුයම වෙරළ ආරක්ෂක බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, බේරුවල ප්‍රදේශයේදීයි.

ධීවරයන් 09 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ධීවර බෝට්ටු 06 ක් ද වෙරළ ආරක්ෂක බළකාය භාරයට ගෙන තිබෙනවා. අදාල බෝට්ටු සඳහා ධීවර කටයුතුවල නිරතවීමට අවශ්‍ය බලපත්‍ර නොමැති බවයි වාර්තා වන්නේ.

මෙම ධීවරයන් පිරිස සැර විදුලි ධාරා එල්ල කරමින් ධීවර කටයුතුවල නිරත වී තිබෙනවා. වඳවෙමින් පවතින හා දුර්ලබ මත්ස්‍ය විශේෂ විනාශ වීමේ අවදානමක් තිබෙන බැවින් සැර විදුලි ධාරා භාවිතා කර ධීවර කටයුතු සිදු කිරීම තහනම් වේ.

අත්අඩංගුවට ගත් ධීවරයන් පිරිස ඉදිරි විමර්ශන කටයුතු සඳහා බේරුවල ධීවර පරීක්ෂක කාර්යාලය භාරදීමට නියමිතව තිබිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...

රතු ගුරු පාරේ හැන්දෑවේ ඇය යන්න ගියා මැකිලා….

දෙසැම්බර් 31, කොළඹ LNW : මෙරට නොමැකෙන මතක රැසක් ඉතිරි...

ජොන්ස්ටන්ගේ පුත්‍රයා රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය...