*
Friday, April 19, 2024
spot_img

Latest Posts

ජාත්‍යන්තර සබඳතා කියන්නේ පෞද්ගලික සබඳතා නොවෙයි, රාජ්‍යයන් අතර සිදුවෙන ගනුදෙනු: අනුර දිසානායක

ශ්‍රී ලංකාව ලොව පිළිගත් රාජ්‍යයක් බවට පත් කිරීමට අවශ්‍ය අතර, ලෝකයේ රටවල් තිබෙන්නේ අන්තර් සබඳතාවයන් සමඟ බවත්, අද ලෝකයේ ශ්‍රී ලංකාව පිළිනොගන්නා, කළු රටක් බවට පත්ව ඇති බවත් ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනහමුවකදී ඔහු මෙසේ පැවසීය.

“මේ ආණ්ඩු අද මොකද කර තිබෙන්නේ? රට ගෙවාගන්න බැරි ණය උගුලක හිරකරලා තිබෙනවා. ණය අරගෙන පාලකයො හොරකම් කළා. අවසානයේ ණය ගෙවා ගත නොහැකිව බරක් වී තිබෙනවා. ණයවලින් පාරක් හැදුවාට ඒ පාරට ගිය වියදමට වැඩියි ඇමතියාගේ, ජනාධිපතිගේ සාක්කුවට ගිය ප්‍රමාණය. ණය අරගෙන හොරකම් කළා, අවශ්‍ය ව්‍යාපෘති ක්‍රියාත්මක කළේ නැහැ. අපට අද ණය විශාල බරක් බවට පත්වෙලා. අද අපට ගොඩඑන්න තියෙන පාර හොරකම නතර කළ යුතුයි. අපේ ආර්ථිකයට බලපාන මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතුයි. ඒක කළ හැකිවන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් විතරයි. ඊළඟට ගොඩඑන්න තිබෙන පාර නැවත සහන ණයක් අරගෙන ලාභදායක ව්‍යාපෘතියක යොදවන්න ඕනෑ. ඊළඟට ජනතාව අපේක්ෂා කළා, හොඳ අධ්‍යාපනයක් හදාගන්න. අද සිංගප්පූරුව දියුණු වෙලා තිබෙන්නේ අවශ්‍ය හොඳ අධ්‍යාපනයක් ලැබීමේ අවස්ථාව ඇති වූ නිසා. අපි වැඩිම බර තියන්නේ අධ්‍යාපනයට. කිසිදු දරුවෙක් පාසල් අධ්‍යාපනය අතරමැදදී පාසල අත්නොහැර යන අධ්‍යාපනයක් අපි හදමු. අද අධ්‍යාපනය ලබන දරුවෙක් ඉන්නවා නම් දෙමව්පියන්ට එය විශාල බරක් වෙලා. මූල්‍ය බර විතරක් නොවෙයි, දෙමව්පියන්ගේ කාලය විශාල වශයෙන් වැය කිරීමට සිදුවෙලා. ලෝකයේ මෙහෙම කිසිදු රටක නැහැ. දරුවන්ට විතරක් නොවෙයි දෙමව්පියන්ටත් ජීවිතයක් නැහැ. මේ අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කළ යුතුයි. මේ රට පරිවර්තනය කරන්න අපි නව අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දෙනවා.

මේ රට ලෝකයේ පිළිගත්ත රටක් බවට පත් කරන්න ඕනෑ. ලෝකයේ රටවල් තිබෙන්නේ අන්තර් සබඳතාවයන් එක්ක. අද ලෝකයේ අපේ රට පිළිනොගන්නා, කළු රටක් බවට පත්වෙලා. ජාත්‍යන්තර සබඳතා කියන්නේ පුද්ගලික සබඳතා නොවෙයි, රාජ්‍යයන් රාජ්‍යයන් අතර සිදුවෙන ගනුදෙනු. ඒ රාජ්‍යයේ ගෞරවය, පිරිසිදුභාවය මත තමයි ලෝකයේ පිළිගැනීමට ලක්වෙන්නේ. අද අපට වීසා එකක් දෙන්න පවා මැලිවෙනවා. අපේ රටේ අය ගෙන්වා ගැනීමට බයයි. ලෝක බැංකුව ප්‍රකාශ කළා. අපි ඔයාලට ණයක් දෙනවා, හැබැයි ඒක හොරකම් කරනවාද බලන්න කණ්ඩායමක් එනවා කියා. ඒ තරමට විශ්වාසය පළුදු වෙලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානියා ප්‍රකාශ කළා ණය අරගෙන කඩා වැටුණු රටක් තිබෙනවා නම්, ඒ ශ්‍රී ලංකාව බව. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොන්දේසියක් දැම්මා, අපි ණයක් දෙන්න නම්, ඔයාලා හොරකම් කරන එක නතර කරන යාන්ත්‍රණයක් හැදිය යුතුයි. බංග්ලාදේශයේ අගමැතිනිය කිවුවා “ලංකාවට සිදුවුණු දේ බංග්ලාදේශයට සිදුවෙන්න ඉඩ දෙන්නේ නෑ” කියලා. මේ අපි ලෝකයේ අපි සිටින තැන. මේ රට ගොඩනඟන්න නම්, අනෙක් රටවල පිළිගැනීමට ලක්වෙන, ගෞරවයට ලක්වෙන රටක් බවට පරිවර්තනය කරන්න ඕනෑ. ජාතික ජන බලවේගයේ අපි ඒ තැනට අපේ රට පත්කරනවා. ලංකාවට කිසිදු පිරිසිදු ආයෝජකයෙක් එන්නේ නැහැ. පාලකයන් දූෂිත නම්, ඒ රට ලෝකය පිළිගන්නේ නැහැ.

නීතියේ විධානයේ ආධිපත්‍යය කාටත් එක සමාන විය යුතුයි. අපේ රටේ නීතිය ධනය, බලය තිබෙන අයට එක නීතියක්, දුප්පත්, බලය නැති අයට තව නීතියක්. ලෝකයත් අපේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන රටක් ලෙස පිළිගන්නේ නෑ. ජාත්‍යන්තරයේ පිළිගත් රටක් වෙන්න නම්, නීතියේ විධානයේ ආධිපත්‍යය ක්‍රියාත්මක වෙන, කාන්තා අයිතිවාසිකම් රැකෙන, සමාජ අර්බුද නැති, මත්ද්‍රව්‍ය තොර රටක් වෙන්න ඕනෑ. ජාතික ජන බලවේගයේ අපි ඔබෙන් බලය ඉල්ලන්නේ මේ සියල්ල සහිත රටක් හදන්නයි.”

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan