ජනපතියි අපියි මේ රට නිසැකවම ලෝකයේ බලවත්ම රාජ්‍යයක් කරනවා. T20 සිද්ධියෙනුත් පෙනුනේ ඒකයි – මන්ත්‍රී ලාල්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු වත්මන් ආණ්ඩුව විසින් ශ්‍රී ලංකාව ලෝකයේ බලවත්ම රාජ්‍යයක් බවට නිසැක වශයෙන්ම පත්කරන බවත් ජනාධිපතිවරයාගේ ආරාධනය අනුව ලෝකයේ බලවත්ම ප්‍රතිවිරෝධත සහිත රටවල් දෙකක් ශ්‍රී ලංකාවේදී ක්‍රිකට් ක්‍රීඩා කිරීමට එකඟ වීමෙන්ම ඒ බව පෙන්නුම් කෙරෙන බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් මහතා පවසයි.

“අපේ ජනාධිපතිවරයා පිළිබඳව, ආණ්ඩුව පිළිබඳව මේ රටේ ජනතාවට විතරක් නෙවෙයි විශ්වාසය ගොඩනැගිලා තියෙන්නෙ. ඔබට පේනවා අර T20 තරගාවලියේ ලෝකෙ දැවැන්තම ප්‍රතිවිරෝධයන් සහිත කණ්ඩායම් දෙකක් ලංකාවේදී ක්‍රීඩා කරන්න කියලා ජනාධිපතිවරයා ආරාධනා කළාම ඒක ඉතසිතින් පිළිඅරගෙන ලංකාවේ ඇවිල්ලා සෙල්ලම් කරනවා. රටක් හැටියට ජනාධිපතිවරයා විසින් මේ රට ඉහළම තලයකට ඔසවලා තියෙනවා හැම පැත්තෙන්ම. රාජ්‍යතාන්ත්‍රික භාවයෙන්, පරිණත නායකත්වයෙන්, මේ සියල්ලෙන්ම හදලා තියෙනවා. රටේ විශ්වාසය ජාත්යන්තරය ඉස්සරහා ගොඩනගලා තියෙනවා. ඒක තමයි අපි මේ අත්දකින්නෙ. ඒ නිසා අපි මේ රට නිසැක වශයෙන්ම ලෝකයේ බලවත්ම රාජ්‍යයක් දක්වා ගෙනයෑමේ කර්තව්‍යයට ජනාධිපතිවරයාත් එක්ක එකතුවෙන්න ඔබ අප කාටත් පුළුවන් කියන එකයි මම විශ්වාස කරන්නෙ. මේ ඉන්දියාව, පාකිස්ථානය වැනි රටවලුත් මේ ජනාධිපතිවරයව විශ්වාස කරන එක අපටත් සතුටුයි. ඇත්තටම අපි ඉන්දියාව සහ පාකිස්ථානයට ස්තූතිවන්ත වෙනවා අපටත් ගෞරවයක්, රටටත් ගෞරවයක්, ලෝකයටත් ආදර්ශයක් දෙමින් ඒ වෙච්ච එකඟතාවයට”

ලාල් ප්‍රේමනාත් මහතා මේ බව පැවසුවේ ඊයේ (11) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...