*
Saturday, November 30, 2024
spot_img

Latest Posts

ඇනගන්නෙ නැතුව වෛද්‍ය විද්‍යාවයි ක්‍රිකට් විනිසුරුකමයි සමබරව කරගෙන යන ඇනා

නිශ්මං රණසිංහ

අපේ ළමයා බයෝනෙ අනේ කිසි දෙයකට වෙලාවක් නැහැ… මේ කතාව බොහෝ දෙනෙකුට නුහුරු එකක් නොවේය. එයින් ගම්‍ය වන ඛේදණීය කතාව වන්නේ දරුවා අධ්‍යාපනයට තබා බැඳ දැමූ බවකි. වෙනත් කිසිවක් කරන්නට ඔහුට අවස්ථාව නැත්තේ ඔහුගේ අධ්‍යාපනය නිසා මිස ඔහුට නුවමණා නිසා නොවේය.

ඒ අරුතෙන් ගත්විට අධ්‍යාපනය යනු විනෝදයෙන් කළ හැකි දෙයක් නොවන වදයකි.මේ වදය අධ්‍යාපනය විසින්ම පනවන දෙයක්ද,නැකිනම් දෙමව්පියන්, පාසල් ගුරුවරුන් සහ උපකාරක පංති ගුරුවරුන් විසින් පනවන දෙයක් ද යන්න හොඳින් සොයා බැලීම කළ යුතු එකකි.

මේ තරම් වද විධ ඉගෙනගෙන සිටින අපේ වෛද්‍ය වෘත්තිකයන් සිටියදී විශාල අසනීපයක් හැඳුණම ප්‍රතිකාර ගන්නට රටේ පහසුකම් නැත.එහි එක් පසෙකින් කියැවෙන්නේ දැණුමද හිඟ බවය.

එංගලන්තෙ හින්දා බේරුණා

අසනීපයකදී එංගලන්තයෙන් ප්‍රතිකාර ගත් අයෙක් ගැන එසේ කියන්නේ පුරසාරමට නොවේය.අපේ රටේ වෛද්‍ය විද්‍යාව ගැන දුකකින්ය. කම්පාවකින්ය.

නමුත් ඒ රටේ දරුවන් අධ්‍යාපනයේ ඇලී ගැලී සිරවී තමන් කැමති දේ නොකර සිටින්නේ නැත.ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයෙක් ක්‍රීඩිකාවක් ගත්ත ද ඔවුන් විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබන හෝ ලැබූ අයෙක්ය.

මේ දිනවල දකුණු අප්‍රිකාවේ පැවත්වෙන කාන්තා ලෝක කුසලානය සම්බන්ධයෙන් ද අති විශේෂ කොට අවධානය යොමු වී ඇති කාඩිෆ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය සිසුවියක ද වේ.ඇය පසුගිය බිහිසුණු කොරෝනා සමයේ දී වෛද්‍ය සහයිකාවක් ලෙස ද විශාල සේවයක් කර ඇති 24 හැවිරිදි ඇනා යොලන්ඩා හැරිස් ය.

ඇය එංගලන්තයට ක්‍රීඩා කර නැත.නමුත් විනිසුරුවරියක සේ ඇය දක්වා තිබෙන නිපුණතාවය අතිශයින් වැදගත්ය.අවුරුදු 22 වන විට ඇය ජාත්‍යන්තර තරගයක විනිසුරු වෙමින් එම අවසාතව ලද ලොව ලාබාලතම ක්‍රිකට් විනිසුරුවරිය වූවා ය.

පුංචිම කාලෙ ක්‍රිකට් ක්‍රීඩාවට ඇළුම් කළ ඇනා වෘත්තියෙන් විනිසුරුවරියක වූ අම්මාගේ මඟ පෙන්වීම යටතේ විනිසුරු පාඨමාලාවක් උගත්තාය.එවැනි ආකලපමය වශයෙන් ඉහළ සංස්කෘතික වටපිටාවේ ක්‍රීඩාව යනු විනෝදාංශයක් නොවේය.එය වෘත්තිමය භාවයකි.සමහර විට ප්‍රේක්ෂකයාගේ විනෝදය පිණිස වන චියර්ස් ගේම් යන දේ ද හැදෑරීමක් සහිත පිළිගත හැකි එකකි.

මුල් පෙළතරගයක් විනිශ්චය කළ පළමු විනිසුරුවරියන් දෙදෙනාගෙන් අයෙකි ඇනා. ඇය ඉවෝන් ඩොල්ෆින්-කූපර් සමඟින් පළමු පෙළ ප්‍රමියර් තරගයක විනිසුරුවරියක් සේ කටයුතු කර ඇත්තේ විසි හැවිරිදි වියේදී ය. එනම් 2021 මැයි මාසයේදී ය.
පෙණුම,සංයමය දැණුම මෙන්ම ක්‍රීඩාවට උචිත හොඳ ශරීර සෞඛයය් ද විනිසුරු රාජකාරියට වැදගත් ය තරගය පැවත්වෙන මුළු වේලාව තුළම පිටියේ හිටගෙන සිටින්නේ නිත්‍ය වශයෙන්ම විනිසුරුවරිය වන බැවින් එය වයිඩ් පන්දුවකට දෑත දෙපසට විහිදවන,දැවීමකට ඇඟිල්ල ඉහළ ඔසවන රූකඩයක් හෝ යන්ත්‍රයකට වඩා හොද සංයමයක් සහ ශික්ෂණයක් සහිත නිරෝගිමත් අයෙක් විය යුතුය.

ශරීරයේ ශක්තිය සහ නමනීයත්වයත්, දරාගැනීමත් ඉහළින්ම තිබිය යුතු වෘත්තියක් මට්ටමට වැටෙන ක්‍රීඩා විනිසුරුකම ක්‍රීඩිකාවකව ක්‍රීඩාවේ යෙදිය යුතු වයසේ දී දැරීම වෙනස් එකකි.

නමුත් වෘත්තියක් සහ ක්‍රීඩාවේ එක් කොටසක නියෝජනය සඳහා ඇනා පිවිසීම ක්‍රීඩාවේ දියුණුවකි. ඇය ඒ වෘත්තීය ඉතා අඩු වයසකදී හොඳ මට්ටමෙන් කරන්න දක්වන සමත්කම නිසාම අද ඇය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ඉහළ පෙළේ විනිසුරුවරියකි. ඒ නිසා මෙවර කාන්තා ලෝක කුසලානය අරඹමින් පැවති ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයේදී ද ඇය විනිසුරුවරියකව සිටියාය. සමහර විට අවසාන තරගයෙන් මෙපිට එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ගමණ නැවතුණොත් ඇය අවසාන තරගයට ද කැදවනු ඇත.

ඉතාමත් වැදගත් දේ වන්නේ ඇය ක්‍රීඩාවේ තරුණ වයසේදී ක්‍රීඩා කිරීමට වඩා තවත් කළ හැකි වෘත්තීන් තිබෙන බව පෙන්වා දෙමින් වෙනත් ශානරයකට ක්‍රීඩාවට ලැදි තරුණියන්ට පමණක් නොව තරුණයන්ට ද මඟ පෙන්වීමක් ලබා දී තිබීමය. එසේම ඇය වෛද්‍ය ශිෂ්‍යාවක් විමත්,කොවිඩ් 19 වැනි ව්‍යසන තත්ත්වයකදී සෞඛ්‍ය කේෂ්ත්‍රයේ කාර්ය බහුල සේවයන්ට එක්වීමත් ආදිය සළකද්දී ඇය අධ්‍යාපනය යනු සියලු දේ අතහැර වද විදීමෙන් ලබාගත යුතු ජයක් නොවන බව ලොවට දැන්වීමත් අගය කළ යුතුය.

“ඔබට යමක් සඳහා සැබෑ ආශාවක් තිබේ නම්, ඔබට සැමවිටම ඒ සඳහා කාලය සොයා ගත හැකි බව මම විශ්වාස කරමි.”

එසේ පවසන ඇනා තමන්ව තමන් විසින්ම කළමණාකරනය කර ගත යුතු බව ද පවසයි.

“මට නියමිත දේ, මා සිටිය යුත්තේ කොතැනද සහ සියල්ල කර ගන්නේ කෙසේදැයි වග බලා ගත යුත්තේ මමයි”

ඇනාගේ ඒ කළමණාකාරත්ව හැකියාව වෙනුවට අපේ විද්‍යාර්ථීන්ට ඇත්තේ ඉතා සුළු විෂය ආවරණයක හැසිරිම පමණි.බොහෝ විට අලුත් අලුත් දේ සිඳු නොවන සහ කාර්යක්ෂමව වෙනත් අභියෝග නිර්මාණශීලීව ජය ගැනීමට අපේ සමාජය අසමත් සමහර විට ඇනාලාට මෙන් අපේ දරුවන්ට නිදහසේ වගකීමෙන් තමන්ගේ විනෝදය,අධ්‍යාපනය සහ ජිවිතය කළමණාකරනය කර ගන්නට නොලැබෙන ඉඩ නිසා විය යුතුය.

ඇනා ඇත්තටම ශ්‍රී ලංකාව වැනි රටකට ආදර්ශමත් චරිතයක්ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan