දුවන දුර සහ රථයේ වේගය නොපෑහේ – කිප්ටම් දිවියෙන් නික්මෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 12 කොළඹ (LNW): වර්ථමානයේ මැරතන් ඉසව්ව සඳහා ලෝක වාර්තාව උසුලන කෙල්වින් කිප්ටම් ගෙවුණු ඉරු දින මධ්‍යම රාත්‍රියට ආසන්න මොහොතක කෙන්යාවේ එල්ඩෝරෙට් හි රිෆ්ට් නිම්නය අසල රථවාහන අනතුරකින් මිය ගොස් ඇත.ඔහු මෙන්ම ඔහුගේ පුහුණුකරු වූ 36 හැවිරිදි රුවන්ඩා ජාතික ගර්වයිස් හකිසිමානා ද මෙම අනතුරින් මිය ගොස් තිබේ.24 හැවිරිදි තරුණ මැරතන් ධාවකයා මෙන්ම ඔහුගේ පුහුණුකරු ද තරුණ අවධියේම ලෝක වාර්තාලාභි ක්‍රීඩකයෙක් නිර්මාණය කළ මලල ක්‍රීඩාවේ අනාගතයේ දී තවත් බොහෝ විස්කම් පෑ හැකි පුද්ගලයන් ලෙස මේ පිළිබඳව කම්පාවන බොහෝ දෙනාගේ අදහස වෙති.
පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී චිකාගෝ මැරතන් තරඟයේදී කිප්ටම්ගේ ලෝක වාර්තාගත මැරතන් කාලය 2:00:35 ක් විය.ඊට පෙර කෙන්යානු ජාතික එලියුඩ් කිප්චෝගේ විසින් පිහිටුවන ලද 2:01:09 වාර්තාව බිඳ දමමින් කිප්ටම් මේ වාර්තාව බිහි කළේය.

මේ අනතුර සිඳු වූ අවස්ථාවේ කිප්ටම් සහ හසිකිමානා ට අමතරව අයෙකුද එම වාහනයේ සිට ඇත.ඔහු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේය.මේ අනතුර සම්බන්ධයෙන් තොරතුරු පවසන එම ප1දේශයේ පොලිස් අණ දෙන නිලධාරිවරයා වන පීටර් මුලින්ග් පෙන්වා දෙන්නේ රථය මාර්ගයෙන් ඉවතට පැන, මීටර් 60 ක් පමණ දුරින් පිහිටි කානුවකට ඇතුළු වී විශාල ගසක හැපී ඇති බවය.එම අනතුරේ තරම මේ සමඟ ඇති අනතුරට පත් මෝටර් රථයේ ඡායාරූපයෙන් සිතා ගන්නට අපහසු නැත.
කෙසේ හෝ අනවශ්‍යය වේගය හෝ ඉක්මන්කම නිසා තව බොහෝ දුරක් මැරතන් ක්‍රීඩාවේ වාර්තා පෙරට ගෙන යා හැකිව තිබූ ක්ප්ටම්ගේ විශ්මිත ධාවනය යළිත් මැරතන් තරග පැවත්වෙන් මාවත්වල දැකිය නොහැකි වනු ඇත.එසේම හසිකිමානා වැනි තරුණ පුහුණුකරුවෙක් යටතේ වැඩෙන ලෝක සූර දුර දුවන්නන්ගේ හැකියාවන් ද යළිත් ඇස නොගැටෙනු ඇත.
මීට සතියකට පමණ ඉහතදී මෙම ලෝක වාර්තාව පිළිගනිමින් අත්සන තැබූ ජගත් මලල ක්‍රීඩා සංගමයේ සභාපති සෙබස්තියන් කෝ එම සිඳුවීම ද සිය ශෝක ප්‍රකාශය අතරතුර සිහියට නංවමින් පවසන්නේ “ඇදහිය නොහැකි දක්ෂතා ඇති මලල ක්‍රීඩකයෙකු වන කිප්ටම්ගේ විශිෂ්ඨ දක්ෂතා මලල ක්‍රීඩා පිටියට යළි නොදකින හැටියට අහිමිවන බවය.”

කිප්ටම් ලෝක වාර්තාව පිහිට වූ චිකාගෝ මැරතන් තරගයේ හිමිකාරීත්වය දරණ ඇමෙරිකානු බැංකුවේ විධායක අධ්‍යක්ෂ කේරි පින්කොව්ස්කි කිප්ටම් ගේ වියෝව ගැන දැඩි සේ කම්පාවට පත් වෙමින් ඒ වෙනුවෙන් සියලු දෙනාටම කණගාටුව ප්‍රකාශ කරන අතරේම චිකාගේ මැරතන් තරගයේ මාර්ග ඒ විශ්ෂ්ඨයාගේ පා ස්පර්ශ කරනු දැකීමට හැකිවීම භාග්‍යයක් කොට ද පෙන්වා දෙන්නේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දයාසිරි පාර්ලිමේන්තුවේදී හෙළි කළ පාවෙන අවි ගබඩා කතන්දරේ…

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : පාවෙන අවි...

ලක්ෂ ගණනක් පලස්තීන ජාතිකයින් ගාසාව හැර පලා යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල හමුදා මෙහෙයුම්...

“හිමකැටි ආදරය” ජනගත වූ දා….

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : අනුර හෑගොඩයන් විසින්...

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...