කොළඹ හිටපු නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ පුත්‍රයා වූ කනිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඔහු 41 වැනි වියේ පසුවිය.
හදිසි හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරන ලද ඔහු අද (03) උදෑසන අභාවප්‍රාප්ත වී ඇති බව සඳහන්.
එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ දේශපාලන කටයුතුවලට දායක වූ ඔහු 2020 මහමැතිවරණය සඳහා ද සමගි ජන බලවේගයෙන් තරග කළේය.
කනිෂ්ක සේනානායක, රෝසි සේනානායක මහත්මියගේ සහ අභාවප්‍රාප්ත ව්‍යාපාරික අතුල සේනානායක මහතාගේ දරුවන් තිදෙනා අතරින් වැඩිමල් පුත්‍රයා විය.


