විපක්ෂය කියන දේවල් අපි සත පහකට ගණන් ගන්නේ නෑ. එයාලා කියන විදියට ආණ්ඩු කරන්න නෙවෙයි අපි බලය ගත්තේ – ඇමති මහින්ද

විපක්ෂය කියනා දෑ වත්මන් ආණ්ඩුව සත පහකටවත් ගණන් නොගන්නා බවත් තමන් ආණ්ඩු බලය ලබාගත්තේ විපක්ෂයට ඕනෑ හැටියට රට පාලනය කිරීමට නොවන බවත් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.

“විපක්ෂය කියන දේවල් නම් අපි සත පහකට ගණන් ගන්නෙ නෑ. මොකද අපි පාර්ලිමේන්තුව ඇතුළෙදීත් එළියෙදීත් දිගට දිගට කිව්වා මේ විපක්ෂය අලුත් වෙන්න ඕනෙකම තියෙනවා. මේ තියෙන්නෙ තාමත් පරණ විපක්ෂය. හැබැයි 2022න් පස්සෙ අපේ රටේ දේශපාලනය වෙනස් වෙලා තියෙන්නෙ, දේශපාලන අලුත් වෙලා තියෙන්නෙ. ජනතාව අද තවදුරටත් ඔවැනි කතාවලින් ගොනාට අන්දන්න බෑ. ඔය කියන මහත්වරුන්ට අපි යෝජනා කරනවා ගිහින් බලන්න අපිට රටපුරා කොතරම් අලුත් ව්‍යාපෘති ආරම්භ කරලා තිබෙනවාද කියලා. ඔවුන්ට කරගන්න බැරිවෙච්ච. අපි එක පැත්තකින් සූර්ය බලය ගබඩා කරන බැටරි පද්ධති දිවයින පුරා සවිකරන ව්‍යාපෘති, අධිවේගී මාර්ග … පසුගිය කාලෙ නතර කරලා තිබුණ ඒවා. අනිත් ආණ්ඩු බලයට එනකොට ව්‍යාපෘති කරමින් තිබුණා, නතර වෙලා තිබුණෙ නෑ. ඒවා තමයි සමහරු ඉස්සරහට ගත්තෙ. 2015 ඔය මරික්කාර්ලා ඇතුළු කණ්ඩායම බලය ගන්නකොට ඒ දක්වා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් කරගෙන ආපු ව්‍යාපෘති තමයි ඉදිරියට ගෙනිච්චෙ. අපි ආණ්ඩුව ගන්නකොට ව්‍යාපෘති නතර වෙලා තිබුණෙ. අපි ඒ ව්‍යාපෘති යළි ආරම්භ කරලා වගේම අලුත් ව්‍යාපෘති රැසක් ආරම්භ කරලා තිබෙනවා. ඉතින් ඒගොල්ලන්ට ඕනෙ විවේචනයක් කරන්න පුළුවන්, විපක්ෂය නම් අපි සත පහකට ගණන් ගන්නෙ නෑ. විපක්ෂය කියන විදියට ආණ්ඩු කරන්න නෙවෙයි අපි බලය ගත්තෙ. නමුත් ජනතාව ආණ්ඩුව ගැන, ආණ්ඩුවේ අඩුපාඩු තියෙනවා නම් ඒවා ගැන සාධනීය විවේචන ගේනවා නම් ඒවා ඉස්මුදුනින් පිළිගන්න, සැලකිල්ලට ගන්න ආණ්ඩුවක් ලෙස අපි නිහතමානීයි. හැබැයි විපක්ෂය කියන ඒවා නම් අපි තඹ සතේකට ගණන් ගන්නෙ නැහැ. එහෙම ගණන් ගත යුතු විපක්ෂයක් නෙවෙයි. හැමදාම කොරහෙ කිඹුල්ලු දකින බොරු දේවල් මවාපාන එදාවේල ටුවර්ස් දේශපාලනයක් තමයි අද විපක්ෂය කරමින් තිබෙන්නෙ. එහෙම නැතිව වෙන නම් මොකක්වත් අද විපක්ෂයට ආණ්ඩුවට එරෙහිව එල්ල කරන්න ඉතුරුවෙලා නෑ, අපි ඉතුරු කරන්නෙත් නෑ”

මහින්ද ජයසිංහ නියෝජ්‍ය අමාත්යවරයා මේ බව පැවසුවේ ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමට සභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ ශිෂ්‍ය විරෝධතා උණුසුම් වෙයි: පාසල් සිය ගණනක් වසා දැමේ, 2,000කට ආසන්න පිරිසක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: ප්‍රංශය පුරා...

තෙල් වෙළඳපොල අපේ අතේ විතරක් තිබුණා නම් මීට වඩා සහන දෙන්න තිබුණා. නමුත් දැන් අපිට ඒක කරන්න බැහැ – ජනපති

ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළඳපොලෙන් යම් පංගුවක් පෞද්ගලික අංශයට නොදී...

තෙල් මිල වැඩි වෙන්නේ අපේ ආණ්ඩුවේ දූෂණ චංචා නිසා නෙවෙයි – මන්ත්‍රී චන්දන

වත්මන් ආණ්ඩුව එක පැයක්වත් රට තුළ ඉන්ධන නොමැති වීමට...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි තද වැසි – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝමබ්‍ර් 03) දිනයේදී දිවයිනේ බොහෝ...