*
Tuesday, October 1, 2024
spot_img

Latest Posts

තුර්කි භූ කම්පනයෙන් සුන්බුන් අතර සිරවූවන් තවමත් ජීවතුන් අතර…

භුමිකම්පනය සිදුවී පැය 183කට පසු තුර්කියේ Gaziantep සහ Hatay ප්‍රදේශයේ සුන්බුන් අතරින් 10 හැවිරිදි ගැහැණු ළමයෙකු, 13 හැවිරිදි පිරිමි ළමයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු බේරා ගැනීමට සහන සේවකයින් සමත් වි තිබේ.

දකුණු දිග තුර්කියේ පසුගිය සතියේ සිදුවූ භූමිකම්පාවලින් මියගිය සංඛ්‍යාව 40,000 ට ආසන්න වීමත් සමඟ තුර්කියේ සහ සිරියාවේ සුන්බුන්වලින් දිවි ගලවා ගත් තවත් පිරිසක් මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කරගෙන යෑමට සහන සේවකයින් කටයුතු කරමින් සිටියි.

භූමිකම්පාවෙන් සඳුදා වන විට තුර්කියේ අවම වශයෙන් පුද්ගලයින් 31,643 ක් සහ සිරියාවේ පුද්ගලයින් 4,614 ක් මිය ගොස් ඇතිබවත් භූමිකම්පාවෙන් සතියකට පසු සඳුදා දකුණු තුර්කි පළාතේ Kahramanmaras හි මහල් නිවාසයක සුන්බුන් අතරින් 10 හැවිරිදි දැරියක් බේරාගත් බව තුර්කී මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර Hayat පළාතේ කඩා වැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් යට සිටි 13 හැවිරිදි පිරිමි ළමයෙකු ද සහන සේවකයින් විසින් බේරා ගත් අතර ඔහු ගිලන් රථයකට ගෙන යාමට ස්ට්‍රෙචරයක් මත තබාගෙන යන විට ඔහු තමාගේ දිවි ගලවා ගත් සහන සේවකයින්ගේ අත අල්ලාගෙන සිටි බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

භූමිකම්පාවෙන් පැය 178 කට පසු කඩා වැටුණු තට්ටු තුනේ ගොඩනැගිල්ලක සුන්බුන් අතරින් 70 හැවිරිදි කාන්තාවක ගේ දිවි බේරා ගැනීමෙන් පසු සහන සේවකයින් ප්‍රීතියෙන් ඉපිලී ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර භූමිකම්පාවෙන් 177 කට පසු කඩා වැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් යට විසි හය හැවිරිදි දරුවෙකුගේ දිවි බේරා ගැනීමට සහන සේවකයින් සමත්විය.

භූමිකම්පාවෙන් පැය 178 කට පසු ගිනිකොනදිග තුර්කියේ අඩියමාන් හි මහල් නිවාසයක සුන්බුන් අතරින් දැරියක් ද බේරා ගත් බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

තුර්කි ප්‍රාදේශීය මාධ්‍ය පැවසුවේ දැරියගේ වයස අවුරුදු හයක් වන බවත් සහන සේවකයින් සුන්බුන් අතරේ සිරවී සිටින ඇගේ වැඩිමහල් සහෝදරිය වෙත ළඟා වීමට ආසන්න බවයි.

හදිසි සේවා සේවකයින් විසින් සුන්බුන් යට පැය 175 කට පසු Hatay හි Naide Umay නම් තුර්කි කාන්තාවක් බේරා ගත් බවයි.

මේ අතර විනාශයට පත්වූ ගොඩනැගිලි අතර සිරවී මියගිය පුද්ගල මල සිරුරූ ද සහන සේවකයින් තවත් සොයා ගන්නා බවත්, භූමිකම්පාවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 55,000 ඉක්මවනු ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan