මේ වගේ ප්‍රහාරවලින් මගේ මාධ්‍ය මෙහෙ වර නවත්තන්න බෑ – චමුදිත

Date:

රටේ දේශපාලන ක්ෂේත්‍රය තුළ සිදුවන දූෂණ අක්‍රමිකතා හෙලිදරව් කරමින් තමන් සිදු කරන මාධ්‍ය මෙහෙවර නැවැත්වීමට හෝ තමා නිහඬ කිරීමට යමෙකු උත්සාහ දරන්නේ නම් එය සිහිනයක් පමණක් බව මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා පවසනවා. ඔහුගේ නිවසට අද අළුයම එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් චමුදිත සමරවික්‍රම මහතා මේ බව සඳහන් කර තිබේ.

සිය බිරිඳ සහ දියණිය සමග නිවසේ නිදා සිටියදී සිව් දෙනෙකු පමණ පැමිණ මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවත්, ප්‍රහාරය හේතුවෙන් නිවසේ ඉදිරිපස ජනේලවලට දැඩිලෙස හානි සිදුව ඇති බවත් මාධ්‍යවේදියා පවසනවා. එපමණක් නොව සිය නිවසට අසූචි ප්‍රහාරයක්ද එල්ල කර ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

ප්‍රහාරයට සම්බන්ධ කවරෙක්ද යන්න පිළිබඳව තමා නොදන්න බවත් සැක කළහැකි කිසිවෙක් හෝ නොමැති බවත් සමරවික්‍රම මහතා ප්‍රකාශ කරනවා. කෙසේ නමුත් තමා සිදු කරන මාධ්‍ය මෙහෙවර හේතුවෙන් කුපිත වූ පිරිසක් තමාව නිහඬ කිරීම සඳහා මෙවැනි ප්‍රහාරයක් එල්ල කරන්නට ඇති බවට සැක කරන බවද ඔහු සඳහන් කරයි.

තමා බියට පත් කිරීමට හෝ තමා සිදු කරන මාධ්‍ය මෙහෙවර අවසන් කිරීමට හෝ බලාපොරොත්තුවෙන් මෙම ප්‍රහාරය එල්ල කළේ නම්, එය සිහිනයක් පමණක් බව ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන් මතක තබා ගත යුතු බවද ඔහු අවධාරණය කරයි.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කණ්ඩායම් තුනක් ඔස්සේ පරීක්ෂණ සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි. ගල්කිස්ස අපරාධ විමර්ශන අංශය, කැස්බෑව පොලීසිය, පිළියන්දල පොලීසිය හරහා එම විමර්ශන පැවැත්වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...

අමරකීර්ති ඝාතනයේ බෙදුනු නඩු තීන්දුව – සභාපති විනිසුරු සියලු විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කරලා

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාව...

Wanderlust Wednesday: සිංදු කියන මාලුවන්ගේ කසුකුසුව සොයා යන මඩකලපු සවාරිය! Discovering the Cultural Tapestry of Batticaloa Heritage District, Sri Lanka 🇱🇰

සටහන – පුලී පෙබරවාරි 11, LNW (කොළඹ): Batticaloa (දෙමළ: මට්ටක්කලප්පු; සිංහල:...