අභිමානවත් ධම්පල් උයන

විශේෂ ක්‍රමවේදයන් ඔස්සේ නවීකරණය කරන ලද ගාල්ල කොටුපවුර අසල පිහිටි ධර්මපාල උද්‍යානය ජනපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2022.02. 17 දින විවෘත විය. සංචාරකයන්ගේ ආකර්ශනය දිනා ගත් ධර්මපාල උද්‍යානය නිසි නඩත්තුවක් නොමැති වීම හේතුවෙන් ඉකුත් සමයේදී විනාශයට පත් වෙමින් තිබිණ.

ගාලු කොටු පවුර යනු ගාල්ල ප්‍රදේශයේ පිහිටි පෘතුගීසින් විසින් ඉදිකරන ලද බලකොටුවකි. පසුව එය 17 වන සියවසේදී ලන්දේසින් විසින් නවීකරණය කරන ලද අතර මෙය අවුරුදු 400 ක් පැරණි ඉතිහාසයකට හිමිකම් කියයි.

වැවිලි අමාත්‍යවරයා විසින් නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් කල විශේෂ ඉල්ලීමක් අනුව නාගරික සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ ගාල්ල ධර්මපාල උද්‍යානය නවීකරණ කටයුතු සිදුවිය .

ඉඩම් අක්කර 05 ක විශාලත්වයකින් යුතු මෙම ධර්මපාල උද්‍යානය නවීකරණය සඳහා රුපියල් මිලියන 200 ක මුදලක් වැය කර තිබේ. ක්‍රීඩා භාණ්ඩ සහිත ළමා පිටියක් , නවීන ආලෝකකරණ සහිත එළිමහන් රංග ශාලාවක් , නව ආපනශාලාවක් , සනීපාරක්ෂක පහසුකම් වලින් ද මෙම උද්‍යානය සමන්විත වේ.

එමෙන්ම මුහුදු සුළඟට ඔරොත්තු දෙන මී, හීන් බෝවිටියා, මල් මුරුත වැනි ශාක වලින්ද ධර්මපාල උද්‍යානය අලංකාරණය වී ඇත.

යහපාලන සමයේ රටේ වටිනා ස්ථාන ගරා වැටීමට ඉඩ දී බලා සිටි එවක නායකයන් හට වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආදර්ශයක් වේවි. සෑම මොහොතක්ම එක් අඩියක් හෝ ඉදිරියට තබා රටේ අභිවෘද්ධිය පමණක්ම සිතන මෙවැනි නායකයන් බිහිවන්නේ රටේ සහ ජනතාවගේ වාසනාවටය.

රෂිකා සඳමාලි හෙන්නායක Facebook
Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ ශිෂ්‍ය විරෝධතා උණුසුම් වෙයි: පාසල් සිය ගණනක් වසා දැමේ, 2,000කට ආසන්න පිරිසක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: ප්‍රංශය පුරා...

තෙල් වෙළඳපොල අපේ අතේ විතරක් තිබුණා නම් මීට වඩා සහන දෙන්න තිබුණා. නමුත් දැන් අපිට ඒක කරන්න බැහැ – ජනපති

ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළඳපොලෙන් යම් පංගුවක් පෞද්ගලික අංශයට නොදී...

තෙල් මිල වැඩි වෙන්නේ අපේ ආණ්ඩුවේ දූෂණ චංචා නිසා නෙවෙයි – මන්ත්‍රී චන්දන

වත්මන් ආණ්ඩුව එක පැයක්වත් රට තුළ ඉන්ධන නොමැති වීමට...