Sunday, March 26, 2023
spot_img

Latest Posts

ලන්සාගේ අමාත්‍යංශ ලේකම් ඉවත් කරන ලකුණු!

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක මහතා අමාත්‍යංශ ලේකම් තනතුරින් ඉවත් කර ඒ වෙනුවට වෙනත් පුද්ගලයෙකු පත් කිරීමට නියමිත බව වාර්තා වේ. ලේකම් ධුරයෙන් ඉවත් කරන රංජිත් දිසානායක මහතා වෙනත් රාජ්‍ය අමාත්‍යංශයක ලේකම් ධුරයට හෝ ප්‍රබල රාජ්‍ය ආයතනයක සභාපති තනතුරට හෝ පත් කිරීමට නියමිත බවද වාර්තා වේ.

මේ වනවිටත් ආණ්ඩුවේ ප්‍රබලයන් දිසානායක මහතාගෙන් මේ පිළිබඳව විමසා තිබෙනවා.

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා සහ අමාත්‍යංශ ලේකම්වරයා අතර ඇති වූ මතගැටුමක් හේතුවෙන් නිමල් ලන්සා මහතා අමාත්‍ය තනතුරින් ඉවත්වීමට සූදානම් වූ අතර ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ මැදිහත්වීමෙන් එම ඉල්ලා අස්වීම ප්‍රමාද කරගෙන තිබෙනවා.

මේ වනවිටත් ඇමතිවරයා සිය පෞද්ගලික බඩු බාහිරාදිය අමාත්‍යංශයෙන් ඉවත් කරගෙන ඇති අතර පෞද්ගලික කාර්ය මණ්ඩලයටද අමාත්‍යංශයෙන් ඉවත්ව යන ලෙස දැනුම් දී තිබේ.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.