මෙරට සෞඛ්‍ය නංවන්න ජපන් රජයෙන් සහයෝගය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 19 කොළඹ (LNW): මෙරට සෞඛ්‍ය සේවාවේ ගිලන් රථ ඇතුලු ප්‍රවාහන කටයුතු සදහා ජපන් රජයේ ආධාර යටතේ ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 ක ප්‍රදානයක් ලැබී තිබෙන අතර, එම ප්‍රදානය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත නිල වශයෙන් බාරදීම කොළඹ වරායේ “ඩොල්ෆින් ජැටිය” පර්යන්තයේ දී සිදු කෙරුණු බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Misukoshi Hideaki මහතා විසින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙත ඉහත ප්‍රදානය නිල වශයෙන් ලබා දුන් බව සඳහන් වේ.

ප්‍රදානයක් ලෙස ලැබුන මෙම ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 සෞඛ්‍ය ආයතනවලට බෙදාහැරිමේ කටයුතු සදහා Fuel Management Information System (FIMS) පද්ධතියක් නිර්මාණය කර ඇති බව පැවසේ,

එම පද්ධතියට ඉන්ධන ලබාගත් වාහන, ලබාගත් ඉන්ධන ප්‍රමාණය, සෞඛ්‍ය ආයතන පිළිබද සියලු තොරතුරු දත්ත ඇතුළත් කරනු ලබන බව සඳහන් වේ.

එම සියලු කටයුතු ජපන් රජයේ සෘජු අධීක්ෂණය යටතේ සිදුකෙරෙනු ලබයි.

සුපර් ඩීසල්, පෙට්ට්‍රල් ලබා නොදෙන අතර, ඛනිජ තෙල් නිෂ්පාදන අඛණ්ඩව සැපයීම සිදු කරනු ලබන සිපෙට්කෝ (Ceylon Petroleum Corporation – CEYPETCO) ආයතනයත් සමඟ එක්ව ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ක්‍රියාවට නංවනු ලබන වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...