අපි නිසා මෙහෙම හරි තෙල් ගෙනාවා, ජනතාව විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න ඕනෙ – රෝහිත

Date:

කොතරම් ඩොලර් අර්බුදයක් තිබුණත් මේ ආකාරයෙන් හෝ ඉන්ධන රටට රැගෙනවිත් මේ ආකාරයෙන් හෝ විදුලිය ලබාදීමට වත්මන් රජයට හැකිවී තිබෙන බවත් ජනතාව තත්වය අවබෝධ කරගෙන විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කළයුතු බවත් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

“2015 – 2020 අතර කාලය තුළ කවදාකවත් නව විදුලි උත්පාදන ගැන හිතුවේ නෑ. පුනර්ජනනීය වැඩපිළිවෙලක් ගැන කතා කෙරුවෙවත් නෑ. කොච්චර ඩොලර් අර්බුදය තිබුණත් අපට පුළුවන්කම ලැබිලා තියෙනවා මේ තෙල් ටික ගෙනල්ලා මේ ආකාරයෙන් හරි ගෙනියන්න.

දැන් අපි කියමුකෝ හෙට විපක්ෂය මේ වගකීම බාරගත්තා නම් කොහෙන්ද මේක කරන්නෙ ? එකපාරටම ආපු ගමන් ඩොලර් අච්චු ගහන්න පුළුවන්ද ? කතාවක් තියෙනවානෙ අර සක්කරයාගෙ පුතා වයිමා ආවත් කරන්න බෑ කියලා. ඉතින් අපිට නම් දැන් පේන්නෙ සක්කරයාගෙ පුතා වයිමා, වයිමාගෙ පුතා සමහරවිට සජිත්ද දන්නෙත් නෑ.

අපි අපිම තීන්දුවක් ගන්න වෙනවා අපේ ගෙදර එක විදුලි බුබුළක් හරි නිවලා මේ වෙලාවෙ අරපිරිමැස්මෙන් අපි පාවිච්චි කරන්න ඕනෙ”

අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (19) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා රැස්වීමක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...