සුඛෝපභෝගී මගී නෞකා 50ක් මෙරටට!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 20 කොළඹ (LNW): ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සරීෆෝ ඩීන් පැවසූ බව සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත පසුගියදා සඳහන් කළ ආකාරයට චීන සංචාරකයන් රැගත් සුඛෝපභෝගී මගී නෞකා 50ක් පෙබරවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව මෙම නෞකා අතරින් බොහෝමයක් කොළඹ වරාය වෙත පැමිණෙනු ඇති බවත්, තවත් නෞකා කිහිපයක් හම්බන්තොට සහ ත්‍රිකුණාමල වරායන්හි නැංගුරම් දමනු ඇති බවත් පැවසේ.

මෙහිදී පැමිණෙන මෙම එක් සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාවක් තුළ මගීන් 1000ක් පමණ සිටින බවත්, එක් නෞකාවක් මෙරට වරායන්හි දින දෙකක කාලයක් නැංගුරම් ලා තැබීමට බලාපොරොත්තු වන බවත් සඳහන් වේ.

ඒ අනුව මෙම සුඛෝපභෝගී මගී නෞකා මෙහෙයුම් හරහා මෙරට සංචාරක කර්මාන්තය තවදුරටත් වර්ධනය වනු ඇතැයි බලාපොරොත්තුව වේ.

2024 වසරේ පෙබරවාරි 16 වැනිදා වනවිට මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 350,000ක් ඉක්මවා තිබේ.

එම ප්‍රමාණය ඉදිරියේදී එය තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂාව වී ඇත.එසේම ජනවාරි මාසයේදී සංචාරකයන් 208,253ක් මෙරටට පැමිණ ඇති අතර, 2023 වසරේදී මෙරට වෙත සංචාරකයන් ලක්ෂ 15කට ආසන්න සංඛ්‍යාවක් මෙරට වෙත පැමිණ ඇත.

මේ වසරේදී එය ලක්ෂ 25ක් දක්වා වර්ධනය කරගැනීම අපේක්ෂාව වී ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...

සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක ප්‍රදේශය අද සිට ජනතා අයිතියට!

කොළඹ LNW:සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක...

ආණ්ඩුවේ හොරකම් වෙනවා ජනාධිපතිතුමා ඇස්වහගෙන -නාමල් රාජපක්ෂ

කොළඹ LNW:''ඩොලර් බිලියනයක් පන්නනවා, අනේ ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන....

නාමල්ට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී...