*
Sunday, April 28, 2024
spot_img

Latest Posts

අසාධාරණ විදුලි බිල් වැඩිකිරීමට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරනවා – සජිත් (VIDEO)

අධික ලෙස විදුලි ගාස්තු ඉහළ නැංවීමට රජය ගත් ක්‍රියාමාර්ගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීමට කටයුතු කරන බව විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

“වර්තමානයේ මේ රජය ක්‍රියාත්මක කරලා තිබෙන ඉතාමත්ම අත්තනෝමතික විදුලි බිල් ඉහළ නැංවීමේ වැඩපිළිවෙල පරාජය කිරීම සඳහා අද දිනයේ අපි ඉතාම පුළුල් සාකච්ඡාවක් පැවැත්වුවා. අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ සියලුම දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, පුරවැසි සංවිධාන යන සියලු දෙනාම එකතු කරගෙන – පළමුව අපි සමගි ජන බලවේගයේ පූර්ණ ආධාර උපකාර ඇතුව මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනුකරලා මේ අධික ලෙස විදුලි බිල ඉහළ දැමීමේ රජයේ ප්‍රතිපත්තියට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයකට ප්‍රවේශ වෙන්න යනවා. ඒ සඳහා පූර්ණ අනුග්‍රහය අපි සමගි ජන බලවේගය පක්ෂයෙන් ලබාදෙනවා. ඒ වගේම මේ ප්‍රශ්නය පිළිබඳව මහජනතාව දැනුවත් කරන්නටත් ව්‍යවස්ථාදායකයේ කතා කරන්නටත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ ඔස්සේ 250% කින් විදුලි බිල ඉහළ දැමූ මේ රජයේ කුරිරු, අමානුෂික ක්‍රියාව පරාජය කරන්නට අපි කටයුතු කරනවා. ඒ වගේම මේ රටේ සමස්ත ජනතාව සමග එක්ව ජන බලවේගයක් හරහා මේ රජයේ මේ අනීතික ක්‍රියාව පරාජය කරන්නට අපි කටයුතු කරනවා”

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ විදුලි ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් ආගමික නායකයින්, වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන නියෝජිතයින් සමග ඊයේ (20) පැවැත්වූ විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan