උඳු, මුං ඇට, කව්පි, බඩඉරිඟු, කුරක්කන් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ඉහළට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 21 කොළඹ (LNW): නව ගැසට් පත්‍රයක් නිකුත් කරමින්, උඳු, මුං ඇට, කව්පි, බඩඉරිඟු, කුරක්කන් සහ මිලට ආනයනයේ දී අය කළ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ඉහළ නංවා ඇති බව වාර්තා වේ.

මෙම ගැසට් පත්‍රයට අනුව උඳු (අනෙකුත්) සඳහා මෙතෙක් කිලෝග්‍රෑමයකට රු. 200 ක්ව පැවති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රු. 300 ක් දක්වා ඉහළ යයි.

කව්පි (අනෙකුත්), බීජ කුරක්කන් (ඉලියුසිනේ කොරකාන විශේෂ), බීජ – අනෙකුත් (මිලට්), කුරක්කන් (ඉලියුසිනේ කොරකාන විශේෂ) හා මිලට් (අනෙකුත්) ආනයනයේදී මෙතෙක් පැවති කිලෝග්‍රෑමයකට රු. 70ක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රු. 300 ක් දක්වා ත් ඉහළ නංවා ඇත.

මීට අමතරව බඩඉරිඟු සඳහා ද රු. 25ක වෙළෙඳ භාණ්ඩ බද්දක් නියම කර ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹට නත්තල්! (PHOTOS)

කොළඹ LNW: ලොව පුරා උත්සවශ්‍රීයෙන් සමරන උදා වූ නත්තල...

අද සිට වෙනස් වන සුරාබදු දෙපාර්තමේන්තුව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : අද (24) ...

වෙන කවරදාටත් වඩා පාසල් සහ විශ්වවිද්‍යාල පද්ධතිය අද දේශපාලනීකරණය වෙලා – ආචාර්යවරුන්ගෙන් චෝදනා

සටහන - රුවන් නෙළුගොල්ල විශ්වවිද්‍යාල පීඨාධිපතිවරුන් සහ අංශ ප්‍රධානීන් ඉවත්කිරීමේ...