හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන හා ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර ට වාරණ නියෝගයක්!

Date:

කොළඹ දිසා අධිකරණය ඊයේ (21), ජාඇළ ප්‍රාදේශීය සභාවට නව මන්ත්‍රීවරයකු නම් කිරීම වළක්වාමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන හා පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහත්වරුන්ට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කළේය. ඒ ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී චමාලි ඈන් සුවන්ති පෙරේරා ගොනු කළ නඩුවක් සලකා බැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන දිසා විනිසුරු පූර්ණිමා පරණගමගේ මහත්මිය විසිනි.

කිසිදු දැනුම් දීමකින් තොරව පක්ෂ ව්‍යවස්ථාවට පටහැනිව හා අයුක්තිසහගත ලෙස හා විනය පරීක්ෂණයකින් තොරව පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම නීති විරෝධී බවට පවසමින් මෙම නඩුව ගොනුකර තිබිණි.

පැමිණිලිකාර මන්ත්‍රීවරිය වෙනුවෙන් නීතිඥ රන්ජන් තිලකරත්න මහතාගේ උපදෙස් පරිදි අධිකරණයේ කරුණු දැක්වූ මංජුලා කළුපහන නීතිඥවරිය අධිකරණයට කියා සිටියේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කළ බවට වන ලිපියක් දෙවැනි විත්තිකාර දයාසිරි ජයසේකර මහතා විසින් මේ වන තෙක් පැමිණිලිකාරිය වෙත ලබාදී නැති බව ය.

එසේ ලිපියක් නිකුත් කර ඇති බවට පසුගිය 14 වැනි දින දිනමිණ පුවත්පතේ පළ කර තිබූ ප්‍රවෘත්තියකින් තම සේවාදායිකාව දැනුවත්ව ඇති බවද සඳහන් කළාය. එම ප්‍රවෘත්තිය පළ කළ දිනමිණ පුවත්පතේ මුල් පිටුව නඩුවේ කොටසක් ලෙස සලකුණු කරන බවද නීතිඥවරිය අධිකරණයට පැවසුවාය.

පැමිණිලිකාර මන්ත්‍රීවරිය පක්ෂයෙන් නෙරපන ලද දෙවැනි විත්තිකරුගේ ලිපිය පෙබරවාරි 17 වැනි දින ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට ලැබී දින 12ක් ගතව ඇතත් මේ වන තෙක් පැමිණිලිකාරිය වෙත ලැබී නැති බව සඳහන් කළ නීතිඥවරිය මේ අසාධාරණ නෙරපා හැරීම තුළින් පුරප්පාඩු වන ජාඇළ ප්‍රාදේශීය සභාවට සභිකයකු නම් කිරීම වාරණය කරන ලෙසද ඉල්ලා සිටියාය. පැමිණිල්ලේ ඒකපාක්ෂික කරුණු සලකා බැලූ ප්‍රධාන දිසා විනිසුරුවරිය විත්තිකාර මෛත්‍රීපාල සිරිසේන මහතාට හා දයාසිරි ජයසේකර මහත්වරුන්ට අතුරු තහනම් දැන්වීම් හා නොතීසි නිකුත් කරමින් මාර්තු 03 වැනි දින දක්වා බලපැවැත්වෙන වාරණ නියෝගයක් නිකුත් කරමින් එදින අධිකරණයේ කරුණු දක්වන ලෙසට විත්තිකරුවන්ට නියෝග කළාය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එළඹ ඇත්තේ හොඳම කාලයයි – මැතිවරණ කොමසාරිස්

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : ප්‍රධාන මැතිවරණ තුනකට...

පරාද වී පටන්ගත් කොළඹ උතුර අවසානයේ යූත් කුසලානය දිනා අවසන් කරයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: මුහුණ දුන් පළමු තරග...

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...