*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

නියපොත්තෙන් කඩන්න තිබුණ සෞඛ්‍ය වෘත්තික ප්‍රශ්නය පොරවත් මදි තැනට පත් කළේ කවුද? – තිත්ත ඇත්ත මෙන්න (VIDEO)

රාජ්‍ය සේවය තුළ වැටුප් පරිමාවන්ගෙ, පරිපාලන තත්ත්වයන් දක්වා ඉතා ප්‍රශ්න සහගත තත්ත්වයක් පවතින්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ බව බැලූ බැල්මටම පෙනෙන කාරණයකි.

එම වෘත්තීය සමිති විසින් වසරකට සිදුකරන වැඩවර්ජන ප්‍රමාණයෙන්ම එය තහවුරු කර ගැනීම අපහසු නොවේ.

අවසන් වරට පසුගිය දින 09ක කාලයක් පුරා පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් විසින් අඛණ්ඩ වැඩවර්ජනයක් ගෙන ගිය අතර එය විසඳුම් ලැබෙන බලාපොරොත්තුවෙන් දින 14ක කාලයකට තාවකාලිකව අත්හිටුවා තිබේ.

එය අවසන් වූ සැණින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද එක් දින සංකේත වැඩවර්ජනයකට සූදානම් වූ නමුත් එය හකුළා ගනු ලැබිණි.

කෙසේවෙතත් සෞඛ්‍ය වෘත්තිකයින්ට හිතුන සමයක වැඩවර්ජන සිදුකළ හැකි තත්ත්වයකට දැන් පත්ව හමාරය.

එපමණටම සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ පවතින ප්‍රශ්න පඹගාලක පැටලී තිබෙන අතර එකක් විසඳන විට ඇති වන්නේ තවත් ප්‍රශ්න සහගත තත්ත්වයක් මතු වීමය.

සැබෑ ලෙසම එම වෘත්තීය සමිති, වැටුප් කොමිසම් මෙන්ම රජය එක්ව සිදුකර ගෙන ඇති මේ පටලැවිල්ල දෛනිකව මෝරා වැඩෙනවා හැර එයට එක්ව විසඳුමක් ලබා ගැනීමේ උත්සහයක් පෙනෙන්නට නැත.

ඒ, කළ හැකි පහසුම කාර්ය ප්‍රශ්නයක් මතුකරගෙන වැඩවර්ජනයක් කැඳවා සමස්ත ජනතාවක් අපහසුතාවයට පත්කර කුඩා පංගුවක් හෝ දිනා ගැනීමට අවස්ථාව තිබෙන හෙයින්ද යන ප්‍රශ්නය මෙහිදී මතුවෙයි.

හිගන්නාගේ තුවාලය මෙන් මේ ප්‍රශ්නසහගත තත්ත්වයන් විසඳා ගැනීමට වෑයමක් ඇත්ද යන්න හෝ පෙනෙන්නේ නැත.

කෙසේවෙතත් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ පවතින, විශේෂයෙන් මෙම වැටුප් විෂමතාව විසඳා ගත නොහැකි පැටලුණු නූල් බෝලයක්ද? එය පැටලැවීමක්ද? නැත්නම් හිතාමතාම මොළ කිහිපයකින් සිදුකරන ලද පටලැවිල්ලක් ද?

මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය විසින් විශේෂ අනාවරණයක් කරන ලදී.

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න මහතා විසින් ඔවුන් මුහුණ දී සිටින සේවා ව්‍යවස්ථා ප්‍රශ්නය එකින් එක පැහැදිලි කරමින් ලිහා දැමුවේ කළ යුත්ත මෙම සෞඛ්‍ය වෘත්තීය සමිති තුළත් රජය සතුවත් පවතින බව පැහැදිලි කරමිනි.

වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න මහතා පෙන්වාදෙන පරිදි අද දවස වන විට වැඩවර්ජන හරහා ජනතාවගේ කරමතට වැටී තිබෙන රටේ සෞඛ්‍ය භීතිය සෞඛ්‍ය වෘත්තිකයින්ගේ හා දේශපාලන අරමුණු මත දිග ඇදුණු තත්ත්වයකි. ඇතැම් ප්‍රබල යැයි කියාගන්නා වෛද්‍ය වෘත්තීය සමිතිවල මැදිහත්වීම්වල ප්‍රතිඵලය.

”මෙතන සම්පූර්ණ පොට වරද්දාගෙන තියෙන්නේ. මේකට වගකියන්න ඕනේ සෞඛ්‍ය සේවකයෝත් නෙවෙයි ආණ්ඩුවත් නෙවෙයි. මේවා පෙන්වල දෙන්න කවුරුවත් නෑනේ. ඇමතිවරයාට එහෙනම් ඒක පෙන්වල දෙන්න ඕනේ. ලේකම්වරයා තමයි ඒක පෙන්වලා දෙන්න ඕනේ. පෙන්වල දෙන්න මේක ස්ටඩි කරලා තියෙන්නේ එපැයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හරි මේකට මෙහෙමයි කියල කියන්න එපැයි ඇත්ත තත්ත්වය මේකයි කියල. මම ඒකයි දැන් ඇත්ත තත්ත්වය කිව්වේ. මේවගේ සාධාරණය කියන දේ තියෙන්න ඕනේ. නැත්නම් ප්‍රශ්න ඇතිවෙනවා. ඒකෙන් අන්තිමට තැලෙන්නේ අහිංසක රෝගීන්. මේ වගේ වෙලාවක වර්ජනය නෙවෙයිනේ කරන්න ඕනේ. අපි ඔක්කොම කන්දකින් පහළට වැටෙන වෙලාවේ අපි ඔක්කොම ගහගෙන හරියන්නේ නැහැනේ. අපි ඔක්කොම එකතුවෙලා කොහොමහරි බේරෙන්න ක්‍රමයක් හොයන්න ඕනේ. එහෙම තමයි වෙන රටවල් වැඩ කරන්නේ.

මෙතන තියෙන්නේ වෙන ප්‍රශ්නයක්. සමහරුන්ට පාර්ලිමේන්තුවට යන්න තමන්ගේ වෘත්තීය අන්තරායට දාලා වැඩේ කරගෙන ඒක දානවා පරිපාලකයින්ට අපිට අසාධාරණයක් කළා කියල. හැම ට්‍රේඩ් යූනියන් එකක්ම වැඩ කරන්නේ එහෙම. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බලන්නකෝ. එයත් ගියේ අරගොල්ලෝ ගිය පාරේම තමයි දේශපාලනයට එන්නනේ ගියේ. දැන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අනුරුද්ධ පාදෙණියට කෙළින්ම දෝෂාරෝපණය ඇවිත් තියෙනවා. ආණ්ඩුවත් ඒක කරනවා. රටේ කෘෂිකර්මය කෑවා කියල. කේවට්ට උපදෙස් දෙන්න ගිහිල්ලා. දන්නේ නැති උපදෙස් දෙන්න යන එක ඇත්තටම වැරදියිනේ වෛද්‍යවරු වුණා කියල. මෙයා ඕනේ නැති ඒවා කරන්න ගියේ වෙන දේවල් වෙනුවෙන්. සම්පූර්ණයෙන්ම වෛද්‍යවරුන්ගේ ප්‍රශ්න තියෙද්දී වෙළෙඳ ගිවිසුම් හදන්න ගියා. ඊළඟට වස විස නැති ගොවිතැනට ගියා. කාබනික ගොවිතැනට ගියා. සම්පූර්ණයෙන්ම ඒ ක්ෂේත්‍ර විනාශ කරලා දැම්මා. බුද්ධාගම ගැන කතා කරන්න ගියා. ඒකත් මිත්‍යා දෘෂ්ටික දෘෂ්ටි කෝණයෙන්. මේක හැම ක්ෂේත්‍රයක්ම අවුල් කරමින් ආපු ගමනක් මේක. හොඳ වෙලාවට ඒක එක්ස්පෝස් වුණා කෘෂිකර්මයට අතගහපු වෙලාවේ.

අද වෛද්‍යවරයා පරිපාලනයේත් නැහැ. ශ්‍රේණි වෛද්‍යවරායව පරිපාලනයෙන් අයින්කරලා තියෙන්නේ.ඒ අයින් කරන්න ඕන දේවල් කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය. රජයේ වෛද්‍යවරුන්ගේ තියෙනවා සේවා ව්‍යවස්ථාව කියල එකක්. ඒ සේවා ව්‍යවස්ථාවට එන්නේ අවුරුදු පහමාරක් විතර උපාධිය කරලා තව අවුරුද්දක් සීමාවාසිකභාවය කරලා. ඒ සීමාවාසිකභාවය කරන්නේ රජයේ සේවය කරගෙන යන්න පළපුරුදක් විදිහට. එතැනදී දෙනවා පළපුරුද්ද පිළිබඳ සහතිකය. ඒ සහතිකයේ තිබෙනවා අංග දෙකක්. එකක් තමයි පරිපාලනය පිළිබඳ පළපුරුද්ද. අනෙක තමයි වෛද්‍ය කර්මය හා ශල්‍ය කර්මය ගැන පළපුරුද්ද. ඒ පළපුරුද්දත් එක්ක තමයි අපිට වැටුප හදල තියෙන්නේ. හැබැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 2012 දී ස්ට්‍රයික් කරලා ආණ්ඩුවට කියනවා මේ සීමාවාසිකභාවය සේවයෙන් අයින් කරන්න කියල. වෛද්‍යවරයා විශ්‍රාම ගනිද්දී වැටුපට සීමාවාසිකභාවය එකතු වෙලා තිබුණේ නැති වුණාට ඒ අවුරුද්දත් එකතු කරලා තමයි වැටුප් හදන්නේ. දැන් විශ්‍රාම යන්න වෙන්නෙත් ඒ අවුරුද්දත් නැතුව. වෛද්‍යවරුන්ට රිටයර්මන්ට් වාහන පර්මිට් හම්බෙනවානේ. ඒක හොද පර්මිට් එකක්. ඒක අපිට විතරක් නෙවෙයි අනික් ඔක්කොම විධායක නිලධාරීන්ට හම්බෙනවා. විධායක ශ්‍රේණිය හම්බෙන්න වෛද්‍යවරයා පළමු ශ්‍රේණියේ අවුරුදු 10ක් ඉන්න ඕනේ. සීමාවාසිකභාවයට අදාළ අවුරුද්දත් එතනින් අයින් කළාම එතන අවුරුදු 09 යි.එතකොට සමහර වෛද්‍යවරුන්ට විධායක ශ්‍රේණිය එන්නේ නැහැ. එහෙම වෛද්‍යවරු දෙදහස් ගණනකට ඔය පර්මිට් එක නැතුව ගියා. පොඩි හානියක් ද කරලා තියෙන්නේ. අනික තමයි වැටුප් ව්‍යවස්ථාවෙන් අනුරුද්ධ පාදෙණියලා වෛද්‍ය නිලධාරී කියන ඝන නාමයත් නැති කරලා තියෙන්නේ. SL 2 වැටුප් ලබන කැටගරි එකේ ඉන්නේ. එතකොට දන්ත වෛද්‍යවරයාත් එකේ ඉන්නේ. අපිත් ඒකේ ඉන්නේ. ආයුර්වේද වෛද්‍යවරයාත් ඒකේ ඉන්නේ. එක ඝණයක ඉන්න ඕනේ එකම කට්ටියක්. ඔහොම ඒවා කරනවද? කරුමෙකට මේක වෛද්‍යවරුන්ට තේරෙන්නෙත් නැහැ තමුන්ව විනාශ කරන මනුස්සයා කවුද කියන එක.”

කෙසේවෙතත් මේ වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති එක්ව සන්ධානයක් ගොඩනගමින් මෙම අර්බුදයන් විසඳා ගැනීමට පියවර තබමින් සිටින බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය අවධාරණය කරන ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan