*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

යුක්රේන අර්බුදය; කලාප දෙකක් ස්වාධීන වීම රුසියාව පිළිගනී

යුක්රේනයට අයත් භූමිය තුළ තවත් ස්වාධීන රාජ්‍යයන් දෙකක් බිහිවීමේ අවදානමක් මතුව තිබෙනවා. බෙදුම්වාදීන් විසින් පාලනය කරන කලාප දෙකක ස්වාධීනත්වය පිළිගැනීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තීරණය කිරීමත් සමග මෙම අවදානම මතුව තිබේ.

රුසියානු පාලනය විසින් මෙසේ ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගෙන තිබෙන්නේ නැගෙනහිර යුක්රේනයේ පිහිටි ඩොනෙට්ස්ක් සහ ලුහෙන්ස්ක් යන පළාත් දෙකයි. මෙම පළාත් 2014 වසරේ සිටම පැවතියේ රුසියානු හිතවාදී බෙදුම්වාදී කණ්ඩායම්වල පාලනය යටතේයි.

එම පළාත්වල බලය හිමි කරගෙන සිටින බෙදුම්වාදී කණ්ඩායම් තමන් විසින්ම ජනරජ ලෙස ප්‍රකාශයට පත් කරගෙන සිටි අතර රුසියානු ජනාධිපතිවරයා ඊයේ රාත්‍රී විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් අදාල පළාත්වල ස්වාධීනත්වය පිළිගන්නා බව සඳහන් කළේය.

මීට අමතරව අදාල ස්වාධීන රාජ්‍යන්හි සාම සාධක කටයුතු සඳහා රුසියානු සෙබළුන් යෙදවීමටද පුටින් පාලනය තීරණය කර තිබෙනවා. ඊට අදාල නියෝගයට අත්සන් තැබූ වහාම යුක්රේන දේශසීමාවේ රඳවා සිටින රුසියානු සෙබළුන් දේශසීමා ඉක්මවා යනු ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම තීරණය සම්බන්ධයෙන් අදාල ප්‍රදේශවල ජීවත් වන ජනතාව ප්‍රීතියට පත්ව සිටින අතර රුසියානු ධජ ලෙලවමින් ගිනිකෙලි දල්වමින් සිය සතුට ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ නමුත් පුටින්ගේ තීරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ. ඇමරිකාව, එක්සත් රාජධානිය, ප්‍රංශය ඇතුළු රටවල් රැසක් මේ වනවිටත් පුටින්ගේ තීරණය හෙළා දැක තිබෙනවා. පුටින්ගේ තීරණය හේතුවෙන් රුසියාවට ජාත්‍යන්තර සම්බාධක එල්ලවීමේ අවදානමක්ද මතුව තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ රුසියාව යුක්රේනයේ භෞමික අඛණ්ඩතාවය හා ස්වෛරීභාවය උල්ලංඝනය කර ඇති බවයි.

මේ අතර රුසියාවේ ක්‍රියාකලාපය හේතුවෙන් තමා බියට පත් නොවන බව යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසයි.රුසියානු ක්‍රියාකලාපය හමුවේ සිය ජාත්‍යන්තර හවුල්කාර රටවල් පැහැදිලි හා ඵලදායී පියවරක් ඉදිරියට තබන තෙක් තම රට බලා සිටින බවද ඔහු සඳහන් කළේය.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan