පුරසාරම් නවත්තලා ජනතාවට රැකියා දෙන වැඩපිළිවෙල කියන්න – පොහොට්ටුව “වෙන්ඩ ජනාධිපති”ලාට කියයි

Date:

මීළඟ ජනාධිපතිවරයා බවට පත්විය යුත්තේ විරැකියාව සහ දුප්පත්කම නැති කිරීමට තිරසාර වැඩපිළිවෙලක් සහිත පුද්ගලයකු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.

“පහුගිය දවස්වල දේශපාලන වේදිකාව පරීක්ෂා කරනකොට මට කණ්ඩායම් දෙකක් හම්බුණා. එක කණ්ඩායමක ඉන්නවා “වෙලා ජනාධිපති”. දැන් දිවුරුම් දෙන්න විතරයි තියෙන්නෙ. තව කණ්ඩායමක් ඉන්නවා “වෙන්ඩ ජනාධිපති”. ඉතින් මම මේ වෙලා ජනාධිපතිලායි වෙන්ඩ ජනාධිපතිලායි දෙගොල්ලොම කියන දේවල් ගැන ටිකක් සබුද්ධිකව හොයලා බැලුවා. කණගාටුවට කාරණය තමයි මේ එක්කෙනෙකුටවත් මේ රටේ තියෙන ප්‍රශ්න පිළිබඳව කිසිම අවබෝධයක් නෑ. වෙන විදිහ තමයි කියන්නෙ, වෙලා විදිහ තමයි කියන්නෙ. ඇත්තටම මේ රටේ මිනිස්සුන්ට මේ වෙලා ජනාධිපතිලා, වෙන්ඩ ජනාධිපතිලා ජනාධිපති පුටුවේ ඉන්දන්න අවශ්‍යතාවයක් තියෙනවාද කියන ප්‍රශ්නය අපි අහන්න ඕනෙ. හේතුව අපට කාලයක් නෑ තව ජෝකර් කෙනෙකුට අවස්ථාව දෙන්න. ඒ කියන්නෙ අත්හදා බලන්න කාලයක් නෑ. රස්සාවල් දෙන්න පුළුවන්, දුප්පත්කම නැති කරන්න පුළුවන් මේ දෙකටම තිරසාර විසඳුමක් දෙන්න පුළුවන් කෙනෙක් තමයි අපේ රටේ මීළඟ රාජ්‍ය නායකයා වෙන්න ඕනෙ. අපි අහන්නෙ මේ වැඩපිළිවෙල තමුන්නාන්සෙලා ළඟ තියෙනවා නම් මහජනයා ඉදිරියේ තියන්න, මිනිස්සුන්ට තීන්දුවක් ගන්න ඉඩදෙන්න, තැන්තැන්වල පුරසාරම් දොඩන එක නවත්තලා”

මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා මේ බව පැවසුවේ ඊයේ (21) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...