බන්ධනාගාර කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය යළි පිහිටුවමින් අති විශේෂ ගැසට් නිවේදනයක් !

0
373

අමාත්‍යාංශ කිහිපයක විෂය පථයන් යළි සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව එම ගැසට් නිවේදනය මගින් බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය යළි පිහිටුවා ඇත.

මෙම අමාත්‍ය ධුරයෙහි කටයුතු කළ ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර සහ වැලිකඩ බන්ධනාගාරවලට රාත්‍රී කාලයෙහි කඩාවැදී ගැටලුකාරී සිද්ධීන් ඇතිකරගැනීමෙන් පසු ඒ සම්බන්ධ විමර්ශන සිදුවන තෙක් තනතුරින් ඉල්ලා අස්වූ අතර එම අමාත්‍යාංශය අධිකරණ අමාත්‍යවරයා යටතට පත්කර තිබිණි.

අදාළ ගැසට් නිවේදනය –

http://documents.gov.lk/files/egz/2022/2/2268-51_S.pdf

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here