ඩීසල් සහනාධාරයක් නොදුන්නොත් බස් ගාස්තු වැඩිකරන්න වෙයි – අංජන ප්‍රියන්ජිත්

Date:

ලංකා අයිඕසී සමාගම විසින් ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ නංවා ඇති පසුබිමක් තුළ රජය බස් රථ සඳහා විශේෂ සහනාධාරයක් සැපයිය යුතුව ඇති බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පවසයි.

“රජය වහාම බස් රථවලට විශේෂ සහනාධාරයක් සැපයිය යුතුව තිබෙනවා. වෙනත් විකල්පයක් නැහැ බස් ගාස්තු සංශෝධනයකට යනවා මිස. නැවත වතාවක් බස් ගාස්තු වැඩි නොකොට ඩීසල් සහනාධාරයක් ලබාදෙන්න කියලා අපි රජයට වගකීමෙන් ඉල්ලීමක් කරනවා”

අංජන ප්‍රියන්ජිත් මහතා මේ බව පැවසුවේ ඊයේ (26) දිනයේදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ටෙහෙරාන් සහ අනෙකුත් ඉරාන නගරවල දැවැන්ත රාජ්‍ය විරෝධී විරෝධතා අඛණ්ඩවම

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන මුදල් ඒකකය...

හොර සහතික පෙන්වා සමෘද්ධියේ රැකියාව ගත් අයගේ විශ්‍රාම වැටුප අර්බුදයක – ඇමති වාර්තාවක් කැඳවයි!

කොළඹ LNW:ව්‍යාජ සහතික පෙන්වා සමෘද්ධියේ රැකියාව ලබාගත් අයගේ විශ්‍රාම...

මෙලීසා කළ හානිය පියවන්න කෝ ගේ සහය

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ජැමෙයිකාවට මෙලිසා සුළි කුණාටුවෙන්...

සනත් සහ හෙසන් හරහා ලංකාවේ ජයග්‍රහණය දෙසට හැරෙමු

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: පකිස්තානය සහ ශ්‍රී ලංකාව...