වසර 32කට පසු සිය මව බැලීමේ බලාපොරොත්තුව සුන් වූ ශාන්තන්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 28 කොළඹ (LNW): ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ඝාතන සිද්ධියට වරදකරුවකු වී පසුව නිදහස ලැබු යාපනයේ ශාන්තන් යන අය අද අළුයම ඉන්දියාවේ රජිව් ගාන්ධි රෝහලේදී මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

රජීව් ගාන්ධි ඝාතන නඩුව සම්බන්ධයෙන් වසර ගණනාවක් සිරගතව සිටි ශාන්තන් වසර 32කට පසු සිය මව බැලීමට දිවයිනට පැමිණීමට නියමිතව තිබුණු අතර, ශාන්තන්ට හදිසියේ වැළදුණු අක්මා රෝගයක් හේතුවෙන් ඔහුව රෝහල් ගතකර ඇත.

ශාන්තන්ගේ මව ඔහුව බැලීමට අවශ්‍ය බව සඳහන් කරමින් ඉන්දීය රජයට අභියාචනයක් ඉදිරිපත් කර තිබුනු අතර, එම අභියාචනය සැලකිල්ලට ගැනීමෙන් පසු ඉන්දීය රජය විසින් ශාන්තන්ට ශ්‍රී ලංකාවට පැමිණීම සදහා අවසර ලබාදුන් බව ඉන්දීය මාධ්‍ය පවසයි.

ඒ අනුව ඉන්දීය රජයේ අනුමැතිය මත චෙන්නායිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් ශාන්තන්ට විදෙස් ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබු අතර ඒ අතර කාලවකවානුව තුළදීයි ශාන්තන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...