*
Friday, May 3, 2024
spot_img

Latest Posts

” කුසයේ ගින්න මහ ගින්නක් වී ඒවා – රට කෑ එවුන් තොලොංචිම වී යාවා” – NPP සමන්ත විද්‍යාරත්න

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 01, කොළඹ (LNW): පාතාල බලවේගය, කුඩු බලවේගය, හොරු ඇතුළු දූෂිත බලවේග, ජාතිවාදී-ආගම්වාදී බලවේගය. හැට නව ලක්ෂයක් ඡන්දය ගත්තේ පාස්කු ප්‍රහාරයක් ඇති කරලා බව හැමෝම දන්න බවත්, නිල්, කොළ පාලකයන් තුරුලේ පාතාලය හුරතල් වෙන නිසා පාතාලය විනාශ කරන්නට නොහැකි බවත් , ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්ත විද්‍යාරත්න පවසයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ, මත්ද්‍රව්‍ය ගේන ලොක්කෝ ඉන්නේ පාර්ලිමේන්තුවේ බවත්, ඔවුන් අල්ලන්නේ නැති බවත්ය.

ඔහු ඒ ගැන පවසන්නේ මෙවන් අදහසක්,

” දැන් පාලකයෝ කියනවා, මේ රට දැවැන්ත අර්බුද ගණනාවකට ගොදුරු වුණාලු ඒ අර්බුදයෙන් ගොඩගත්තේ රනිල් රාජපක්ෂලු. පෝලිම් නැහැලු. තෙල් ඕනෑ තරම් තිබෙනවාලු. 2019 ආණ්ඩුව පිහිටුවන කොට ඩීසල් ලීටරය තිබුණේ රු:104/-ට. දැන් ඩීසල් ලීටරය රු:363/-යි. පෙට්්‍රල් ලීටරය රු:136/-යි. දැන් පෙට්්‍රල් ලීටරය රු:371/-යි. හැබැයි ඒ කාලෙත්, දැනුත් බලයා කිලෝ එකකින් ධීවරයට ලැබෙන මිල එකම මට්ටමක තිබෙන්නේ. ඒකේ වෙනසක් වෙලා නැහැ. ඒ කාලේ තිබුණු හාල්, සීනි මිල දැන් වැඩි වෙලා. ප්‍රශ්නේ විසඳුවා නම් ඉස්පිරිතාලේ බෙහෙත් තියෙන්න ඕනෑ. ඉංජිනේරුවන්, වෛද්‍යවරුන් රට අතහැර නොයා ඉන්න ඕනෑ. ව්‍යාපාර, කර්මාන්ත වැහෙන්නේ නැතුව තියෙන්න ඕනෑ. නිවාස දසලක්ෂ හැටනව දහස් පන්සිය හැටතුනකගේ නිවාසවල විදුලිය, විදුලි බල මණ්ඩලය විසින් කපා දමා තිබෙනවා. පාලකයෝ කියන විදිහට ප්‍රශ්නෙ විසඳලාද? ආර්ථික අර්බුදය ඉහළටම නැගලා ඉන් එහාට ගිහින් සමාජ අර්බුදයන් ඇති වෙලා.

ඒ අර්බුදවලට පිළිතුරු සොයන්න එක් එක් ඒකක හදාගෙන තිබෙනවා. ‘යුක්තියේ මෙහෙයුම’ නමින් කුඩු අල්ලන මෙහෙයුමක් දියත් කර තිබෙනවා. දවස් හතළිහක් තුළ 59000ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවට පම්පෝරි ගහනවා. මේ පාලකයෝ අවුරුදු 76ක් තුළ හදපු රට තිබෙන තැන. තව ඒකකයක් හැදුවා බස්වල, කෝච්චිවල යන කාන්තාවන්ට අතවර කරන අය අල්ලන්න. මේ ඒකක හදන්න වෙලා තියෙන්නේ ආර්ථික අර්බුදයෙන් එහාට ගිය සමාජ, සංස්කෘතික අර්බුදයන් බවට පත්වුනාම. දරුවන්ට ඉගෙන ගන්න බැරිවෙන, තුන්වේල කන්න නැති, සෞඛ්‍ය වශයෙන් පිරිහෙන තත්වයකට පත්වෙලා. අර්බුද ඉවර නැහැ. අර්බුදය වචන අස්සේ හංගන්න හදනවා. මේ පාලකයෝ ඉන්නකම් අර්බුද ඉවර වෙන්නේ නැහැ.

මේ රටේ තුන්ලක්ෂ පහළොස්දහසක් ධීවර ජනතාව කරදිය, මිරිදිය රස්සාවේ යෙදෙනවා. මේ ජොබ් ආණ්ඩුවෙන් දුන්න ඒවා නොවෙයි. මුහුදෙන් දීපු ජොබ්. මුහුදෙන් දීපු රස්සාවලට ආණ්ඩුව නිසා ප්‍රශ්න ඇතිවී තිබෙනවා. ධීවර රැකියාවට අනුබද්ධව අයිස් හැදීම, මාළු විකුණන අය, වාහන ගෙනියන අය, දැල් සපයන අය වශයෙන් විසිඑක්ලක්ෂ පනස් දහසක් පමණ ජනතාවක් ධීවර ක්ෂේත්‍රයේ නඩත්තු වෙනවා. ධීවර ක්ෂේත්‍රය සුවිශේෂී ක්ෂේත්‍රයක්. මේ ක්ෂේත්‍රයේ ප්‍රශ්න නිරාකරණය කිරීමට පාලකයෝ කටයුතු කරන්න උවමනා නැත්ද? ලංකාවේ ප්‍රධාන ප්‍රෝටීන් සැපයුම්කරුවා ධීවරයා. මේ රටේ දරුවාට, අපට අවශ්‍ය ප්‍රෝටීන් ටික දෙන්නේ ඔබ. අවුරුදු දහස් ගණනක සිට ආ කර්මාන්තයක් මේක. දියුණු රටවල අලුත් තාක්ෂණයත් එක්ක බද්ධ කරලා ස්මාර්ට් කර දියුණු කර්මාන්තයක් බවට පත්කර තිබෙනවා. හැබැයි අපේ ධීවර කර්මාන්තයට තාක්ෂණයෙන්, බුද්ධියෙන් පළක් ප්‍රයෝජනයක් ගන්නෙත් නැහැ. නෝර්වේ, ජපානය, මැලේසියා, චීනය දියුණු කර්මාන්තයක් බවට පත්කර තිබෙනවා..

මේ රටේ බලය ගන්න පංච මහා බලවේග එකතු කළා ඔබට මතක ඇති. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු, ඒ බලවේග පහ දැන් ඉන්නවාද? දැන් එයාලා ළඟ ඉන්න බලවේගය දන්නවාද? පාතාල බලවේගය, කුඩු බලවේගය, හොරු ඇතුළු දූෂිත බලවේග, ජාතිවාදී-ආගම්වාදී බලවේගය. හැට නව ලක්ෂයක් ඡන්දය ගත්තේ පාස්කු ප්‍රහාරයක් ඇති කරලා බව හැමෝම දන්නවා. මේ නිල්, කොළ පාලකයන් තුරුලේ පාතාලය හුරතල් වෙන නිසා පාතාලය විනාශ කරන්න බැහැ. මත්ද්‍රව්‍ය ගේන ලොක්කෝ ඉන්නේ පාර්ලිමේන්තුවේ. උන් අල්ලන්නේ නැහැ.

2004 සුනාමි අවස්ථාවේ ලෝකයෙන්ම ආධාර ගලාගෙන ආවා. ඒ වෙලාවේ පාලකයන්ට කියන්න තිබුණා, “මේ මහා විපතේදී අපි සමගි වෙමු. ලෝකයෙන් ගලාගෙන ආ ආධාර පාවිච්චි කරලා රට හදමු.” කියලා. නමුත් පාලකයෝ මළකඳන් මතින් ආපු සුනාමි සහනාධාර ගිණුම්වලට පොම්ප කළා. සිරිලිය ගිණුමට ගියා. එහෙම කළ දුෂ්ට පාලකයන් ඉන්න රටක්. තිස් අවුරුදු යුද්ධය මළකඳන් මතින් අවසන් කළා. රටේම ජනතාව එකතු කරළා රට හදන්න තිබුණා. නමුත් යුද්ධය අවසන් කරලා සුද්දය පටන් ගත්තා. පවුලට බලය ගන්න පටන් ගත්තා. රට ගොඩනගන්න කෙල්ලෝ කොල්ලෝ පුරන් කුඹුරු කොටන්න පටන් ගත්තා. තාප්පවල චිත්‍ර අඳින්න පටන් ගත්තා. ජාතික පුනරුදයකට යන්න ජනතාව පාරට ආවා. පාලකයෝ ජනතාවට වද දෙන්න පටන් ගත්තා. අවස්ථා ගණනාවක් මග හැරියා. රට බංකොලොත් කළා. ලාංකීය භූමියට අවසාන අවස්ථාවක් එනවා. ඒ අවස්ථාව පැහැර හරින්න එපා. “මෙතරම් විපතක් වෙලත් අවස්ථාව මග හැරියේ ඇයි? අපේ රට නැති කළේ ඇයි?” කියා දරුවන් දවසක අසාවි. සකලවිධ බලවේග එකතු කර, පුනරුද යුගයක් ගොඩනගන්න සූදානම් වෙන අනගි අවස්ථාව, මාලිමාව ජයග්‍රහණය කරවන්න කටයුතු කරන්න ශක්තිය, ධෛර්යයෙන් කටයුතු කරන්න. ජනතාව “හෙළනා සුසුම් සැඩ සුළඟක් වී ඒවා – හෙළනා කඳුළු ගං වතුරක් වී ඒවා – කුසයේ ගින්න මහ ගින්නක් වී ඒවා – රට කෑ එවුන් තොලොංචිම වී යාවා.” ලෙස පැවසීය

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan