සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 02, කොළඹ (LNW): ඉන්දීය කාන්තා ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් නායක චමරි අත්පත්තු ඇය ක්‍රීඩා කළ පළමු තරගයේදීම නියෝජනය කරන යූපී වොරියර්ස් කණ්ඩායමට ඇය එම කණ්ඩායමේ සිටිය යුතුම තුන් ඉරියව් ක්‍රීඩිකාවක බව පැහැදිළි කළා.පළමුව පන්දු රැකි වොරියස් ක්‍රීඩිකාවන් වෙනුවෙන් පන්දු යැවීමේ හොඳම සාමාන්‍ය රඳවා ගත්තේ චමරියි.ඇලීසා හීලි ඇය ගැන විශ්වාසය තබමින් ආරම්භක පන්දු යැවීමේ කාර්යය ඇය වෙත පැවරුවා. ඇය ඒ කාර්යය කෙතරම් හොඳින් සහ විශ්වාසවන්තව ඉටු කරාද යන්නෙහි සහතිකය ඇයට ලැබුණේ අවසාන පන්දු ඕවරය යැවීමට ද හීලි ඇයටම පන්දුව භාරදීමෙන්.ඇය එම යුතුකම ද ඉටු කරමින් අවසාන පන්දු ඕවරය ලකුණු 4 ක් පමණක් දී නිමා කළ අතර ඇය කඩුලු ලබා නොගත්ත ද සිව පන්දු ඕවර් 4 දී පන්දු 13 ක් ම නිලකුණු පන්දු ලෙස තබා ගනිමින් පන්දු ඕවර් 4 ලකුණු 19 නිමා කළා.
එය කණ්ඩායමේ ක්‍රීඩිකාවකගේ පන්දු ඕවරයකට දුන් අඩුම ලකුණු සාමාන්‍ය ලෙස සටහන් වුණා.ජය සංඛේත ප්‍රදානයට එක්වෙමින් ජයග්‍රාහී කණ්ඩායම් නායිකාව ලෙස හිලි පැවසුවේ පන්දු ඕවර් 19 ක් ම දඟ පන්දු යවන්නන් යොදවමින් ක්‍රිඩා කරන්නට ලැබීම මේ ජයග්‍රහණයට හේතුවක් බවත්,තමන්ට අවශ්‍යය පරිදි යොදවා ගැනීමට හොඳ සංචිතයක් කණ්ඩායම සතුව සිටින බවත් ය.ඇය කියූ ලෙසම බෙත් මූනි,ලෝරා වෝල්වර්ඩ්ට් මෙන්ම ඇෂ්ලිග් ගාඩ්නර් වැනි ජාත්‍යන්තරය දිනූ ක්‍රීඩිකාවන් එම පන්දු යැවීමේ උපක්‍රමය මත ගුජරාට් ජිඇන්ස් කණ්ඩායම පන්දු ඕවර් 20 නිමා වේ කඩුලු 5 ක්දැවී ලකුණු 142 ට නවතා ගන්නට වොරියස් කණ්ඩායමට හැකි වුණා.තව දුරටත් එම ලකුණු ප්‍රමාණය අවම කර ගැනීමට තිබූ හැකියාව වොරියර්ස් වෙතින් ගිලිහි යන්නට, ඔවුන් පන්දු රැකීමේදී දැක් වූ යම් අඩුපාඩුකම් සහ උදාසීනකම් හේතු වුණා.එහෙත් අන් පන්දු රකින්නන් දෙවැනි කරමින් චමරි අතපත්තු පන්දු රැකීමේදි ප්‍රශංසනීය ලෙස කියා කළ අතර ඇය ගාඩ්නර් දවා ගැනීම සඳහා රැක ගත් උඩ පන්දුව විස්තර විචාරකයන්ගේ නොමද ඇගයීමට ලක් වුණා.
පන්දුවට පහර දීමේදී වඩාත් ඉහල දස්කම් දැක් වූවේ නැති වුව ද,චමරි පන්දු 11 දී ලකුනු 17 ක් රැස කළා.එයට හතරේ පහර 4 ක් ද් එක් කරන්නට ඇය සමත් වුණා.වඩාත් වැදගත් වන්නේ චමරි තරගයේ වීරවරිය වෙමින් පන්දු 33 දී නොදැවී ලකුණු 60 ක් ලැබූ ග්‍රේස් හැරිස් සමඟ පන්දු 21 දී ලකුණු 36 ක සබඳතාවයකින් තෙවන කඩුල්ලේ බැදීම ඔමවා තැබීමයි.චමරි ක්‍රීඩා කරන්නට ලැබුණු සතුට සහ උද්යෝගය සමඟ මාධ්‍යයට ප්‍රකාශ කළේ තරගයේ දස්කම් දක්වන්න ලැබීම සතුටට වඩා ලකුණු පිපාසිත පිතිකාරිණියක ලෙස ලොව පතල ඇය,හොඳින් පන්දුවට පහර දිය හැකි පරිසරයක තමන්ට කළ හැකි හොඳම දේ කිරීමට නොහැකි වූ බවයි.
එසේම ක්‍රීඩා කණ්ඩායමෙන් ලැබෙන සහය අගය කළ චමරි එහි සහයකයන්ගේ සිට පුහුණුකරුවන් සහ පරිපාලනය ගැන ද ප්‍රශංසා මුඛයෙන් කතා කරනු ලැබුවා.වොරියස් කණ්ඩායමේ ජයට ග්‍රේස් හැරිස් පිත්තෙන් දුන් ඉහළ දායකත්ව වගේම ඇලීසා හීලි ද පන්දු 21 න් ලකුණු 33 ක් ලබා ගෙන සිටියා.එසේම හැරිස් සහ දීප්ති ෂර්මා ද පන්දු 14 න් ලකුනු 17 ක් ලබා ගනිමින්නොදැවී සිට හැරිස් සමග 5 වන කඩුල්ලට එකතු කළ සබඳතාවය වූ නොදැවුණු ලකුණු 53 ක්.තරගයේ සමස්ත තරගයේ ලකුණු පූවරුවට පහතින් පිවිසෙන්න.https://www.espncricinfo.com/series/women-s-premier-league-2023-24-1411373/gujarat-giants-women-vs-up-warriorz-women-8th-match-1417723/full-scorecard
