කැබිනට් සංශෝධනයේ දෙවැනි කොටස අද ?

Date:

ඊයේ සිදුකෙරුණු අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ තවත් කොටසක් අද (04) දිනයේත් සිදුකිරීමට නියමිත බව ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව දැනට පුරප්පාඩු වී ඇති ප්‍රවාහන අමාත්‍ය ධුරය දිළුම් අමුණුගම මහතා වෙත පැවරීමට නියමිත බව සඳහන්.

එසේම කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ඉඩම් අමාත්‍යාංශයත් ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතාට කෘෂිකර්ම අමාත්‍යාංශයත් ලබාදීමට නියමිත බවත් වාර්තා විය.

විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතා ඔවුන්ගේ අමාත්‍ය ධුරවලින් ඉවත් කෙරෙනු ඇති අතර දිළුම් අමුණුගම මහතාව කැබිනට් මණ්ඩලයට එකතු කරගනු ඇති බවටත් එස්. බී. දිසානායක මහතාට කැබිනට් අමාත්‍ය ධුරයක් ලැබෙනු ඇති බවටත් ලංකා නිව්ස් වෙබ් අප මුලින්ම වාර්තා කළේ මීට මාස තුනකට පමණ පෙරදී ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...