ඉන්ධන හා විදුලි ගාස්තු වහාම වැඩි කරන්න – මහ බැංකුවෙන් නිර්දේශ

0
423

ඉන්ධන ගාස්තු හා විදුලි ගාස්තු වැඩි කළයුතු බවට ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නිර්දේශ කර තිබෙනවා. මෙම සංශෝධනය කඩිනමින් සිදු කළයුතු බවයි මහ බැංකුව පවසන්නේ.

ශ්‍රී ලංකා මහ බැංකුව සිය මාසික මුල්‍ය ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කරමින් පවසන්නේ අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය ආනයනය තවදුරටත් සීමා කළයුතු බවයි. විදේශ ප්‍රේෂණ හා ආයෝජනය ඉහළ දැමිය යුතු බවත් මේ හරහා විදේශ සංචිත ආරක්ෂා කර ගැනීම හා වර්ධනය කර ගැනීම සිදු කළයුතු බවත් වැඩිදුරටත් පවසනවා.

මීට අමතරව බදු ආදායම ඉහළ නංවා ගැනීම කෙරෙහිද අවධානය යොමු කරන ලෙස මහ බැංකුව සිය නිර්දේශ මගින් සඳහන් කරයි.

මේ අතර මහ බැංකුව සිය මුල්‍ය ප්‍රතිපත්ති තවදුරටත් දැඩි කරමින් ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතය 6.5 % දක්වා ඉහළ දමා තිබෙනවා. බැංකු පොළී අනුපාතය 10.5% දක්වාත් ස්ථාවර ණය ගැනීමේ අනුපාතය 7.5% දක්වාත් ඉහළ දමා ඇති අතර ක්‍රෙඩිට් කාඩ්පත් මත අය කෙරෙන පොළී අනුපාතය 20% ක් දක්වා ඉහළ නංවා තිබෙනවා.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here