ගෝල්ෆේස් අරගලකරුවන්ට එරෙහි පළමු නඩුව : 13 දෙනාම නිදොස්කොට නිදහස් !

Date:

2022 මැයි මස 04 හෝ ඊට ආසන්න දිනකදී බත්තරමුල්ල පොල්දූව මංසන්ධිය ආසන්නයේ දී කථානායකවරයාට ලිපියක් බාරදීමට ගොස් විරෝධතාවයේ නිරතව සිටි බවට තලංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කර ඇප මත සිටි සැකකරුවන් 13 දෙනා නිදොස් කොට නිදහස් කරන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (05) නියෝග කළේය.

මෙසේ නිදහස් කෙරුණේ ගෝල්ෆේස් අරගලය සමයේ රටේ තත්වය කථානායකවරයා දැනුවත් කිරීම සඳහා සංදේශයක් බාරදීමට යමින් සිටියදී තලංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබූ අරගලකරුවන් 13 දෙනෙකි.

සංවිධානාත්මකව අයුතු ජනරාශිය ඇති කිරීම, අයුතු ජනරාශියක සාමාජිකයන් වීම, පොලීසියට සහ මහජනතාවට බාධා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් පොලීසිය විසින් මෙම සැකකරුවන්ට එරෙහිව ගොනුකර තිබුණු අතර සැකකරුවන් 13 දෙනා මුල්වරට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන් වෙනුවෙන් නීතීඥවරුන් 150කට ආසන්න සංඛ්‍යාවක් පෙනී සිට තිබිණි.

වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ මෙම නඩුව විභාග කිරීමෙන් අනතුරුව එහි තීන්දුව නිකුත් කරමින් ඔවුන් 13 දෙනා නිදොස්කොට නිදහස් කිරීමටයි කඩුවෙල මහෙස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය ඊයේ නියෝග කළේ.

මෙය ගෝල්ෆේස් අරගලකරුවන්ට එරෙහිව ඒ සමයේදී පොලීසිය විසින් පැවරූ පළමු නඩුව වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රට මැද සහ අගනුවර යා කරන කොඳු ඇට පේළිය ; කඩුගන්නාව බේරා ගනිව් !

හරියටම මීට අවුරුදු හතරකට කලින් පහළ කඩුගන්නාවේ, අම්බලම පසු...

වැසි තත්වයේ වෙනසක් – අද (23) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය...

නුවර – කොළඹ මාර්ගය නැවත දැනුම් දෙනතුරු පහළ කඩුගන්නාවෙන් වසා තැබේ !

සටහන - රුවන් නෙළුගොල්ල නුවර - කොළඹ ප්‍රධාන මාර්ගය පහළ...

ජනතාවගේ බදු සල්ලිවලින්ම බෙහෙත් ටික ගෙනල්ලා ජනතාවට දීගන්න මේ ආණ්ඩුවට තවමත් බැහැ – GMOA

සටහන - රුවන් නෙළුගොල්ල රෝහල්වල නොමැති ඖෂධ සහ වෛද්‍ය උපකරණ...