*
Tuesday, May 7, 2024
spot_img

Latest Posts

“ජයගමු ශ්‍රී ලංකා”මාර්තු මස 09 හා 10 කුරුණෑගලදී!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 08 , කොළඹ (LNW): කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් දීප ව්‍යාප්තව පවත්වනු ලබන “ජයගමු ශ්‍රී ලංකා” ජනතා ජංගම සේවය මෙවර මාර්තු මස 09 හා 10 දෙදින කුරුණෑගල, වැහැර ක්‍රිඩාංගනයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සඳහන් වේ.

මෙහි සමාරම්භක වැඩසටහන කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්තු 09 දින පැවැත්වීමට නියමිත අතර ,එම අමාත්‍යාංශය යටතේ පවතින තවත් ආයතන සමග ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙම ජංගම සේවාවේ ප්‍රධාන සහභාගිත්වය සිදුකරන බව පැවසේ.

මෙම ජංගම සේවා වැඩසටහන හා සමගාමීව කුරුණෑගල දිස්ත්‍රික්කයේ පදිංචි විදෙස්ගත ශ්‍රි ලාංකිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් සුභසාධන වැඩසටහන් රැසක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධානය කොට තිබේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පදිංචි විගමණික ශ්‍රමිකයින්ගේ පාසල් අධ්‍යාපනය ලබන දූදරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට හා පාසල් උපකරණ බෙදා දීමට කටයුතු යොදා ඇත.

විදේශ රැකියාව අවසන් කර යළි දිවයිනට පැමිණි ශ්‍රමිකයින් සඳහා ස්වයං රැකියා ආරම්භ කිරීම සඳහා ආධාර ලබාදීම, සාර්ථකව ව්‍යාපාරවල නියැලෙන ශ්‍රමිකයින් ඇගයීමට ලක්කිරීමටද නියමිතය. ස්වයං රැකියා ආරම්භ කර ඇති ශ්‍රමිකයින්ගේ භාණ්ඩ සහන මිලට අලෙවි කිරීම සඳහා වෙළඳපොලක්ද මෙම ප්‍රදර්ශන භූමියේදී පැවැත්වෙනු ඇත.

එසේම ආබාධිත විගමණික ශ්‍රමිකයින් සඳහා ඇස් කණ්ණාඩි හා රෝද පුටු ඇතුළු වෛද්‍ය උපකරණ ප්‍රදානය කිරීමටද නියමිත අතර, විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන් අධ්‍යාපනය ලබන කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාසල් සඳහා පන්ති කාමරවලට අවශ්‍ය Smart Board පිරිනැමීටද කටයුතු යොදා ඇත. මෙම වැඩසටහන හා සමගාමීව විදේශ රැකියා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් රාජ්‍ය නිළධාරීන් දැනුවත් කිරීමටද නියමිතය.

තවද, කාර්යාංශයේ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන මගින් විදේශ රටවල රැකියා අවස්ථා ලබාගැනීම සඳහාද තරුණ තරුණියන්ට මෙහිදී අවස්ථාව හිමිවන අතර, 09 වන දින රාත්‍රියේ ජනප්‍රිය ගායක ගායිකාවන් රැසකගේ සහභාගිත්වයෙන් සංගීත ප්‍රසංගයක් පැවැත්වීමටද කටයුතු සංවිධාන කර ඇති බව වැඩි දුරටත් පැවසේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan