පැජට් පාරේ ගෙදර : ඔන්ලයින් පතනෙත් වැඩගන්න හිටපු ජනපති මෛත්‍රීත් සූදානමින්

Date:

තමන් ජනාධිපති ධුරයේ සිටියදීත් ඉන් පසුව යම් කාලයකුත් භාවිතා කළ නිල නිවස සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය ගෙනගිය වැරදි ප්‍රචාරණ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

“මේ පසුගිය සතියේ ජනාධිපති කාලෙත් ඉන් පසුවත් මම හිටපු ගෙදර ගැන නඩු තීන්දුවක් දුන්නා. මේ නඩු තීන්දුව දෙන්න කලින්, මීට අවුරුදු දෙකහමාරකට කලින් මම මේ ගෙයින් ඇවිල්ලා තියෙන්නෙ. ඒ ගෙදර මම ගත්තේ ඇමතිවරයෙකුගෙන්. ඒක ඇමතිවරයෙකුගෙ ගෙයක්, එහෙම නැතුව මාලිගාවක් නෙවෙයි. අනිත් අතට ගත්තාම විශාල ප්‍රචාරණයන් මාධ්‍යවල ඇරියා මම මේක සින්නක්කර ලියාගෙන, ඔප්පු ලියාගෙන කියලා. ඒ වගේ ඉතාම අසත්‍ය ප්‍රචාර මම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. ඒ ගේ ඇමතිවරයෙක්ගෙන් තමයි මම අරගෙන රෙපෙයාර් කරලා ජනාධිපතිවරයා විදියට ගියේ. ඒ නිසා මේ වැරදි කරුණු ජනතාව අතරට මාධ්‍ය ඔස්සේ යෑම ගැන වැරදි විදියට අනවශ්‍ය විවේචන පිළිබඳව ප්‍රධාන වශයෙන්ම චරිත ඝාතන, නින්දා අපහාස කිරීම පිළිබඳව දැන් ඔන්ලයින් පනත යටතේ විශේෂයෙන්ම අපට මේවාට ශක්තියක් වෙලා තියෙනවා. ඒක නිසා මම බලාපොරොත්තු වෙනවා ඒ පිළිබඳව ඉතාමත් වැරදි කරුණු කාරණා ඉදිරිපත් කරපු මාධ්‍ය ආයතනය කිහිපයක් සම්බන්ධයෙන් ඒ පනත යටතේත් පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේත් ඉදිරි ක්‍රියාමාර්ග ගන්න”

මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ඊයේ (07) පාර්ලිමේන්තුව අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඕපා මළගෙදර ගිහින් ….

ජ.වි.පෙ. අධිපරිභෝජනවාදයේ ගිලෙන්ට පටන්ගත්තෙ සන්ධාන දේශපාලනයට ගියාට පස්සෙ.. ඒකාලේ...

ලෝක කුසලානය රට වටා යන ගමනට ජනපති ආරම්භක සංඥාව දෙයි..

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

ට්‍රම්ප් ප්‍රංශ වයින් සහ ෂැම්පේන් සඳහා 200% තීරුබදු පැනවීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...