“කවදාවත් “යනු කොපමණද …..?

Date:

එවිට….,
වැසි නැවතී තිබිනි.
ඉඳහිට පතකින් රූටා
දිය කඩිත්තකට එල්ලය ගෙන
බ්ලොත්….බ්ලොත් හඬින් පතිතවූ
බිඳක් දෙකක් හැරුණුවිට
නිහඬතාවය වැඩුනි.

ඔබේ ඇස්වල ලා රතක් තිබිනි.
“පිරිමි වුනාම අඬන්නෙ මොකදැ”යි
කුරිරු කියමන මගෙනි.
“කවදාවත්” හමු නොවන හින්දා ය
හොටු බේරුන පිළිතුර ඔබෙනි.
එළියත් අඳුරත් අතර මොහොතක් ගෙවුනි.

“කවදාවත් “යනු කොපමණදැයි
දැනීමක් මට නොවිනි.
අනන්තය,අසංඛ්‍යය,සාරාසංඛය මිස
“කවදාවත් “යනු කොතෙක්දැයි
පැහැදිලිව දත් කිසිවෙක්
කිසිදින මට හමු නොවිනි.

ඒ වැසි නැවතුන සැන්දෑව
යළි මවා ගන්නා හැමවිට
“කවදාවත් “යනු මේ තරම් දිගද
විස්තර කල නොහැකි තරමට පලල්ද
ශෝකජනක ලෙස ගැඹුරුද
මම මගෙන්ම අසමි.

~ වර්ණ රසිකා ගුණවර්ධන

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...