“කවදාවත් “යනු කොපමණද …..?

එවිට….,
වැසි නැවතී තිබිනි.
ඉඳහිට පතකින් රූටා
දිය කඩිත්තකට එල්ලය ගෙන
බ්ලොත්….බ්ලොත් හඬින් පතිතවූ
බිඳක් දෙකක් හැරුණුවිට
නිහඬතාවය වැඩුනි.

ඔබේ ඇස්වල ලා රතක් තිබිනි.
“පිරිමි වුනාම අඬන්නෙ මොකදැ”යි
කුරිරු කියමන මගෙනි.
“කවදාවත්” හමු නොවන හින්දා ය
හොටු බේරුන පිළිතුර ඔබෙනි.
එළියත් අඳුරත් අතර මොහොතක් ගෙවුනි.

“කවදාවත් “යනු කොපමණදැයි
දැනීමක් මට නොවිනි.
අනන්තය,අසංඛ්‍යය,සාරාසංඛය මිස
“කවදාවත් “යනු කොතෙක්දැයි
පැහැදිලිව දත් කිසිවෙක්
කිසිදින මට හමු නොවිනි.

ඒ වැසි නැවතුන සැන්දෑව
යළි මවා ගන්නා හැමවිට
“කවදාවත් “යනු මේ තරම් දිගද
විස්තර කල නොහැකි තරමට පලල්ද
ශෝකජනක ලෙස ගැඹුරුද
මම මගෙන්ම අසමි.

~ වර්ණ රසිකා ගුණවර්ධන

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : දැනට රක්ෂිත බන්ධනාගාරගතව...

සිංහල සුභාවිත ගීතයට තිරය පිටුපස සිට පණ දුන් ආනන්ද ගනේගොඩයන් අභාවප්‍රාප්ත වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : සංගීතය යනු රටක...

බැංකොක් නගරය ආපදා කලාපයක් ලෙස නම් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: තායිලන්තයේ අගනුවර වන...

පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමෙන් රෝහල් සේවකයෙක් මිය යයි!

කොළඹ LNW:පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ...