ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් යුතු ආර්ථික සභාවට සතිපතා රැස්වීමට අවසර!

Date:

ජනාධිපතිවරයාගේ සභාපතිත්වයෙන් යුතු ආර්ථික සභාව සතිපතා කැඳවීමට තීරණය කර තිබේ.

ජනාධිපතිවරයාගේ එම යෝජනාවට ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බවයි දැක්වෙන්නේ.

සාර්ව ආර්ථික ප්‍රතිපත්ති, කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් පසුව ජාතික ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය, ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීම, රජයේ ආර්ථික ප්‍රතිපත්ති සඳහා සෘජු බලපෑමක් ඇති කරන ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති ඇතුළුව දේශීය ආර්ථික ප්‍රතිපත්තීන් පිළිබඳව වඩාත් ගැඹුරින් සාකච්ඡා කර සමස්ත ආර්ථික කළමනාකරණය සිදු කිරීම මගින් මෙරට ආර්ථික වර්ධනය වේගවත් කිරීම අරමුණු කරගෙනයි එම ආර්ථික සභාව ස්ථාපිත කළේ.

ඒ අනුව මෙම ආර්ථික සභාවේ උපදෙස් හා මඟ පෙන්වීම අනුව අදාළ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත ආයතන විසින් අවශ්‍ය අවස්ථාවල දී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත අදාළ තීරණ ක්‍රියාත්මක කිරීමටත්, ආර්ථික සභාවේ රැස්වීම සඳහා අවශ්‍ය පරිදි එක් එක් ක්ෂේත්‍රයන්හි ප්‍රාමාණික විද්වතුන් කැඳවීමටත් නියමිතයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදේශ සංචිත පහළට !

නොවැම්බර් මාසය අවසානයේදී ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ සංචිත...

ප්‍රදේශ රැසකට වැසි – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන්...

ශ්‍රී ලංකා බලධාරීන් IMF වෙතින් ඩොලර් මිලියන 200ක හදිසි ණයක් ඉල්ලයි

ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හදිසි මූල්‍යයන...

ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය නිකුත් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය...