රුසියාව සතුරු රටවල ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කරයි !

Date:

රුසියාවට සතුරු රටවල ලැයිස්තුවක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. රුසියානු රාජ්‍ය අමාත්‍යංශය විසින් මෙම ලැයිස්තුව ප්‍රකාශයට පත්කර ඇත.

යුක්රේන අර්බුදය හා ඒ ආශ්‍රිත සිදුවීම්වලදී තමන්ට එරෙහිව මිත්‍රශීලී නොවන ක්‍රියාමාර්ග ගත් රටවල් ලෙස මෙම ලැයිස්තුවට ඇතුළත් රටවල් රුසියාව විසින් හඳුන්වා තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමයට අයත් සියලු රටවල්, එක්සත් රාජධානිය, යුක්රේනය, මොන්ටිනිග්‍රෝ, ස්විට්සර්ලන්තය, ඇල්බේනියාව, ඇන්ඩොරා, අයිස්ලන්තය, මොනාකෝ, නෝර්වේ, සැන් මැරීනෝ, උතුරු මැසිඩෝනියාව, ජපානය, දකුණු කොරියාව, ඔස්ට්‍රේලියාව, මයික්‍රොනීසියාව, නවසීලන්තය, සිංගප්පූරුව, තායිවානය යන රටවල් මෙම ලැයිස්තුවට අයත් වේ.

මෙම රටවලට අයත් සමාගම්වලට මෙන්ම පුරවැසියන්ටද එරෙහිව මින් ඉදිරියට රුසියාව එදිරිවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇත. මෙම රටවල පුරවැසියන්ට වීසා ලබාදීමේදී සහ ව්‍යාපාරිකයන්ට රුසියාව සමග ව්‍යාපාර කටයුතුවල නිරතවීමේදී දැඩි සීමා පැනවෙනු ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...