රුසියාව සතුරු රටවල ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කරයි !

Date:

රුසියාවට සතුරු රටවල ලැයිස්තුවක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. රුසියානු රාජ්‍ය අමාත්‍යංශය විසින් මෙම ලැයිස්තුව ප්‍රකාශයට පත්කර ඇත.

යුක්රේන අර්බුදය හා ඒ ආශ්‍රිත සිදුවීම්වලදී තමන්ට එරෙහිව මිත්‍රශීලී නොවන ක්‍රියාමාර්ග ගත් රටවල් ලෙස මෙම ලැයිස්තුවට ඇතුළත් රටවල් රුසියාව විසින් හඳුන්වා තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමයට අයත් සියලු රටවල්, එක්සත් රාජධානිය, යුක්රේනය, මොන්ටිනිග්‍රෝ, ස්විට්සර්ලන්තය, ඇල්බේනියාව, ඇන්ඩොරා, අයිස්ලන්තය, මොනාකෝ, නෝර්වේ, සැන් මැරීනෝ, උතුරු මැසිඩෝනියාව, ජපානය, දකුණු කොරියාව, ඔස්ට්‍රේලියාව, මයික්‍රොනීසියාව, නවසීලන්තය, සිංගප්පූරුව, තායිවානය යන රටවල් මෙම ලැයිස්තුවට අයත් වේ.

මෙම රටවලට අයත් සමාගම්වලට මෙන්ම පුරවැසියන්ටද එරෙහිව මින් ඉදිරියට රුසියාව එදිරිවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇත. මෙම රටවල පුරවැසියන්ට වීසා ලබාදීමේදී සහ ව්‍යාපාරිකයන්ට රුසියාව සමග ව්‍යාපාර කටයුතුවල නිරතවීමේදී දැඩි සීමා පැනවෙනු ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

NPP ලේබලයෙන් ගෙනෙන රනිල් – ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්ති එපා – කොටුවේ විරෝධතාවක් (PHOTOS)

කොළඹ LNW:NPP ලේබලයෙන් ගෙනෙන රනිල් - ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්තිය...

Your Shot Challenge හි හොඳම ඡායාරූප කිහිපයක්! ඇස් වලින් දැක, විඳින්න.

සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW):  ඉඳහිට හිතට අල්ලන...

එක්සත් ජනපදය හා ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇනහිටියි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ක්‍රියාත්මක වන...

ආනයනික කිරිපිටි මිල පහතට!

කොළඹ LNW:එළඹෙන ජනවාරි 16 වෙනි දා සිට ආනයනික කිරිපිටි...